Gossips

ETI ගණුදෙනුව ගැන විමර්ශනයට ජනාධිපති කොමිසමත් සූදානම්

ETI ගණුදෙනුව සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන අවශ්‍ය නම් ඒ පිළිබඳව 2015 – 2018 කාලසීමාවේ වංචා දූෂණ සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමට පැමිණීලි කළ හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ප්‍රකාශ කළා.
ජාතික ආර්ථික සභාවද ETI ගණුදෙනුව සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන බවයි ජනපති මැදුරේදී අද පෙරවරුවේ මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවෙමින් ජනාධිපතිවරයා සඳහන් කළේ.
මේ අතර ශ්‍රී ලංකාවේ වර්තමානයේ පවතින අස්ථාවරත්වය අනුව ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වීමට හැකි බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී ප්‍රකාශ කළා.
එසේම කවුරුන් විරුද්ධ වුවත්, මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඩුවම ක්‍රියාත්මක කරන බවයි ජනාධිපතිවරයා යළි අවධාරණය කළේ.
එසේම මෙතෙක් අත්අඩංගුවට ගත් සියලූ නීතිවිරෝධී මත්ද්‍රව්‍ය විනාශ කිරීම ලබන මස 1 වනදා විනිසුරුවරුන් සහ පොලිස් නිලධාරීන් ඉදිරියේදී කටුනායකදී සිදුකරන බවද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී ප්‍රකාශ කළා.