ETI මූල්‍ය ආයතනයේ අධ්යක්ෂ මණ්ඩලයට ලබන වසරේ ජනවාරි මස 28 වන දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කර තිබෙනවා.
ඒ, ඊට අදාළ නඩුවක් අද මීගමුව මහේස්ත්‍රාත් ආර්. ජයසූරිය හමුවේ අද කැදවූ අවස්ථාවේදියි.
ETI මීගමුව ශාඛාව නියෝජනය කරමින් තැන්පත්කාරිනියක විසින් මීට පෙර නඩුවක් ගොනු කර තිබුණා.
ඒ අනුව මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ ඊ.ටී.අයි. මූල්‍ය ආයතනයේ අධ්යක්ෂ නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අසංක එදිරිසිංහ සහ දීපා එදිරිසිංහ යන අයට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසයි.
මේ අතර,ETI තැන්පත්කරුවන් දැනුවත් කිරීම වෙනුවෙන් කොළඹ දී අද ETI තැන්පත්කරුවන් සුරැකීමේ ස්වාධීන සංගමය රැස්වීමක් කැදවා තිබුණා.
