Gossips

ETI අධ්‍යක්ෂ මණ්ඩලයට අධිකරණයෙන් නොතීසි

ETI අධ්‍යක්ෂ මණ්ඩලයේ ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, අසංක එදිරිසිංහ, දීපා එදිරිසිංහ හට ජනවාරි මස 28 වනදින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙස අධිකරණය නොතීසි නිකුත් කර තිබෙනවා.
ETI මූල්‍ය සමාගමෙන් තැම්පතු මුදල් නොගෙවීමට එරෙහිව මීගමුව ශාඛාවේ මුදල් තැන්පත් කළ ETI තැන්පත් සුරකීමේ ස්වාධීන සංගමයේ සභාපති අනුෂා ජයන්ති මහත්මිය පසුගිය 12 වනදා මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයේ ගොනු කළ නඩුවකට අදාළවයි අධිකරණය එම අධ්‍යක්ෂ මණ්ඩලයට නොතීසි නිකුත් කර ඇත්තේ.