Gossips

ETI අධ්‍යක්ෂවරුන් 4 කට විදෙස්ගත වීම තහනම් කරමින් අධිකරණ නියෝගයක්

ඊ.ටී.අයි. සමාගමේ අධ්‍යක්ෂවරුන් 04 දෙනෙකුට විදෙස්ගත වීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
ජීවක එදිරිසිංහ, නාලක එදිරිසිංහ, දීපා එදිරිසිංහ සහ අසංක එදිරිසිංහටයි මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.
ඔවුන් හතරදෙනාට ලබන 17 වනදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.
මේ අතර, 2011 සිට ETI ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ මහ බැංකු මුල්‍ය රෙගුලාසි හා මුල්‍ය නීති වලට පටහැනිව බව නීතිපති විසින් අධිකරණයට කරුණු දන්වා තිබෙනවා.