Gossips

DRS ක්‍රමය IPL පිටියටත් එයි

මෙවර (2018) අයි.පී.එල්. තරඟාවලියේදී විනිසුරු තීරණය නැවත විමසීම (DRS) ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සංවිධායක මණ්ඩලය තීරණය කර ඇති බව වාර්තා වනවා.
ඒ අනුව අයි.පී.එල්. තරඟාවලියක පළමු වතාවට DRS ක්‍රමය මෙවර තරඟාවලියේ දී ක්‍රියාත්මක වනු ඇති.
පන්දුවාර 20 – 20 ප්‍රිමිය ලීග් තරඟාවලියක දී පළමු වතාවට DRS ක්‍රමය යොදාගැනීම පසුගිය වසරේදී සිදුවුණා.
ඒ 2017 පාකිස්ථාන සුපර් ලීග් තරඟාවලියේදීයි.
කෙසේ වෙතත් ජාත්‍යන්තර පන්දුවාර 20 තරඟ සඳහා DRS ක්‍රමය යොදා ගැනීමට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් පසුගිය වසරේ ඔක්තෝම්බර් පළමු වනදා සිට තීරණය කළා.
මෙම ක්‍රමය ජාත්‍යන්තර ක්‍රිකට් තරඟ සඳහා යොදාගත යුතු මතයේ සිටි රටවල් අතර ඉන්දියාව මුල් තැන සිටිනවා.