Gossips

DIG නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යවයි

චෝදනාවකට ලක්ව සිටින ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යැවීමට නීතිය හා සාමය අමාත්‍යාංශය පොලිස් කොමිසමට දැනුම්දී තිබෙනවා.
එම දැනුම්දීම අද දිනයේ එම කොමිසම වෙත යොමු කළ බවයි නීතිය හා සාමය අමාත්‍යාංශය සඳහන් කළේ.
දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර පසුගිය 12 වනදා මහනුවරදී මාධ්‍ය හමුවක් කැඳවමින් ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා තමන් සමග පැවැත්වූ දුරකථන සංවාදයක හඩ පටයක් මාධ්‍ය වෙත මුදා හැරියා.
එමඟින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට අනතුරක් සිදු කිරීමේ කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන්ද කරුණු දක්වා තිබූ අතර, අනතුරුව පොලිස්පතිවරයාගේ නියෝගය පරිදි ඔහුව ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයෙන් ඉවත් කිරීමටයි පියවර ගැණුනේ.