Gossips

DIG නාලක ද සිල්වාට එරෙහි චෝදනා විමර්ශණය පොලිස් විශේෂ විමර්ශන ඒකකයට

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහි චෝදනා පිළිබඳ විමර්ශණය කිරීම පොලිස්පතිවරයා විසින් පොලිස් විශේෂ විමර්ශණ ඒකකයට පවරා තිබෙනවා.
නාලක ද සිල්වා කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවටයි දුෂණ විරෝධී බලකාය ඊයේ චෝදනා කළේ.
මහනුවරදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් එහි මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර චෝදනා කළේ තමන් මේ සම්බන්ධයෙන් පොලිස් කොමිසමට ද පැමිණිලි කරන බවයි.
මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේදී නාමල් කුමාර සහ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අතර සිදුවූ බව කියන දුරකතන සංවාද කිහිපයක හඬ පට ද මාධ්‍ය වෙත නිකුත් කෙරුණා.