හිරු ප්‍රවෘත්ති අනාවරණ කළ ත්‍රස්ත විමර්ශන කොට්ඨාශයේ නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට එරෙහි චෝදනා පිළිබදව විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස පොලිස්පතිවරයා උපදෙස් ලබාදී තිබෙනවා.
අදාළ පරීක්ෂණ පොලිස් විශේෂ විමර්ශන ඒකකයට භාර දෙන ලෙස පොලිස්පතිවරයා වැඩිදුරටත් උපදෙස් ලබාදුන් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
ත්‍රස්ත විමර්ශන කොට්ඨාශය භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා කුමන්ත්‍රණකාරී වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බවට දූෂණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්‍ෂ නාමල් කුමාර මහනුවර ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් චෝදනා කළේ දුරකථන සංවාදයක් ද මාධ්‍යයට ඉදිරිපත් කරමින්.
මේ අතර, ¥ෂණ විරෝධී බලකාය විසින් මෙම සිද්ධියට අදාළව අද පොලිස් කොමිසමට පැමිණිල්ලක් ද ගොනුකරනු ලැබුවා.