Gossips

DIG නාලකගේ වැඩ තහනමට, පොලිස් කොමිසමේ අනුමැතිය

ත්‍රස්ත විමර්ශණ කොට්ඨාශයේ හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාගේ වැඩ තහනම් කිරීමට රාජ්‍ය පරිපාලන, කලමනාකරණ සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර ගත් තීරණයට පොලිස් කොමිසමේද අනුමැතිය හිමිවුණා.
වැඩ තහනම් කිරීමට අදාළ නිර්දේශ අමාත්‍යාංශ ලේකම් පද්මසිරි ජයමාන්නගේ අත්සනින් යුතුව ජාතික පොලිස් කොමිසම වෙත අද පස්වරුවේ යොමු කෙරුණු අතර, ඊට මෙලෙස අනුමැතිය ලබාදුන් බවයි එම කොමිසමේ ලේකම් සමන් දිසානායක හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
මීට පෙර හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා අනිවාර්ය නිවාඩු යැවීමට එම අමාත්‍යාංශයේ නිර්දේශ මත ජාතික පොලිස් කොමිසම කටයුතු කළා.
කොළඹ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ චෝදනා කළේ එම සිද්ධිය සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ සෑහීමකට පත්විය නොහැකි බවයි.
මේ අතර එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වාට හෙට උදෑසන 9 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණෙන ලෙස දැනුම්දී තිබෙනවා.