Gossips

CIA හෙළිකර ගත් මහා පරිමාණ වාහන ජාවාරම

ඊයේ අප හිරු සී.අයි.ඒ. හරහා අනාවරණය කලේ මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් වංචනික නිලධාරීන්ගේ ද සහයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාන වාහන ජාවාරමක් හිරු සී.අයි.ඒ. ලබාදුන් තොරතුරු අනුව වලාන දුෂණ මර්ධන ඒකකය වැටලු අයුරුයි.
ජාවාරමට සම්බන්ධ පුද්ගලයෙකු උඩුගම්පල නයිවල පාරේ යතුරුපැදියකින් ගමන් ගන්නා අතරතුර අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව ගම්පහ උඩුගම්පල ප්‍රදේශයේ පදංචි මෙම ජාවාරමේ ප්‍රධාන සැකකරුගේ නිවස වටලනු ලැබුවා.