Gossips

CIA හෙළිකරගත් මහා පරිමාණ වාහන ජාවාරම

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් වංචනික නිලධාරීන්ගේ ද සහයෙන් පවත්වාගෙන ගිය මහා පරිමාන වාහන ජාවාරමක් හෙළිකර ගැනීමට හිරු සී.අයි.ඒ සමත් වුණා.
අප ලබාදුන් තොරතුරු අනුව අදාළ ජාවාරම වලාන දූෂණ මර්දන ඒකකය වටලනු ලැබුවා.
එම වැටලීම පිළිබඳවයි අද සී.අයි.ඒ අනාවරණය.
මෙම සංවිධානාත්මක ජාවාරමේදී ප්‍රථමයෙන් සිදුකරන්නේ මෝටර් රථවල මුහුණල බද කොටස් ආදිය වාහන අමතර කොටස් තොග වශයෙන් මෙරටට ආනයනය කිරීමයි.
ඉන් අනතුරුව කල් බදු ආයතනවලට ගෙවීම් පැහැරහරිමින් සගවා මේ වනවිට නඩු කටයුතු පවතින වාහන, දරුණු රිය අනතුරුවලින් ධාවනයට නුසුදුසු වු වාහනල රාජසන්තක වී අධිකරණ භූමිවල දිරාපත් වන වාහන වල චැසි හා එන්ජින් අංක සුක්ෂමව ජාවාරම්කරුවන් විසින් ලබා ගන්නවා.
එම චැසි හා එන්ජින් අංකවලටයි අමතර කොටස් ලෙස ගෙන්වන වාහන එකලස් කරන්නේ.
එලෙස වංචනිකව එකලස් කරන වාහනවල මුල් පැවරීම සිදුකරන්නේ ව්‍යාජ නම් හා ලිපින යොදා මෙරට නොසිටින පුද්ගලයින්ටයි.
මෙම කාර්ය සිදුකිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ඇතැම් වංචනික නිලධාරීන්ගේ ද සහය නිරන්තරයෙන් ලැබී තිබෙනවා.
හිරු සී.අයි.ඒ ලබාදුන් තොරතුරු මත මෙම වාහන ජාවාරම වැටලීම සදහා මාණ්ඩලික නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතාගේ උපදෙස් මත වලාන දුෂණ මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී හේමාල් ප්‍රශාන්ත මහතා මෙහෙයුමක් දියත් කළා.