Gossips

CIA වෙස්ගත් වංචනිකයා කොටු කළ හැටි

හිරු සී.අයි.ඒ.වැඩසටහන් අධ්‍යක්ෂවරයා ලෙස ව්‍යාජව පෙනී සිටිමින් විවිධ වංචාවල නිරත වු පුද්ගලයෙකු කුලියාපිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
විමර්ශනවලදී හෙළිව ඇත්තේ එම වංචනිකයා කලක පටන් කුලියාපිටිය, හෙට්ටිපොල ආදී ප්‍රදේශවල පොලිස් නිලධාරියෙකු ලෙස ද ව්‍යාජව පෙනී සිට ඇති බවයි.
වයස අවුරුදු 23 වන අශාන් දර්ශන ප්‍රනාන්දු නම් මෙම පුද්ගලයා කුලියාපිටිය, කටුපොත, අංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.
ජායාරූප ශිල්පියෙකු ලෙස පෙනී සිට ඇති මොහු හිතවත් පොලිස් නිලධාරියෙකුගෙන් නිල ඇදුමක් ඉල්ලාගෙන ජායාරූප කිහිපයක් ලබාගෙන තිබෙනවා.
ඒවා පෙන්වමින් තමන් පොලිස් නිලධාරියෙකු බව පවසා කුලියාපිටිය – පල්ලෙපිටිය ප්‍රදේශයේ ගණිකා නිවාසයක් පවත්වා ගෙන ගිය කාන්තාවකගෙන් තමන්ට නොමිලේ කාන්තාවන් හා මත්පැන් ලබාදෙන ලෙස බලකර ඇති බව අදාළ කාන්තාව හිරු සී.අයි.ඒ. වෙත හෙළි කළා.