Gossips

CIA මත්පෙති වැටලීම

මානසික රෝගීන් හා පිළිකා රෝගීන්ට වෛද්‍ය නිර්දේශ මත නිකුත් කරන වේදනා නාශක මත් පෙති ලෙස භාවිතා කිරීම මේ වනවිට මෙරට තුල දරුණු වසන්ගතයක් බවට පත්ව තිබෙනවා.
විදේශයන්හි සිට හොර රහසේ මෙරටට ගෙන එන මෙම ඖෂධ ජාවාරම්කරුවන් වැඩි වශයෙන් අලෙවි කරනු ලබන්නේ පාසල් සිසුන් ඉලක්ක කර ගෙනයිග.
ජාවාරම්කරුවන් මෙම එක් පෙත්තක් රුපියල් 500 සිට 800 දක්වා මිල ගණන්වලට අලෙවි කරනවා.
හිරු සී.අයි.ඒ. කණ්ඩායම කළ ගවේෂණයේදී හෙළි වුණේ පුත්තලමල මදුරන්කුළියල පාලවිය ආදී ප්‍රදේශවල සංවිධානාත්මක පිරිසක් මෙම මත් පෙති ජාවාරම සිදු කරන බවයි.
තරුණ ජීවිත වනසමින් වයඹ පළාත කේන්ද්‍ර කර ගනිමින් සිදුවන මෙම මත්පෙති ජාවාරම වැටලීමට සුරාබදු දෙපාර්තමේන්තුවේ සහකාර කොමසාරිස් රෝයි ප්‍රනාන්දු මහතාගේ උපදෙස් මත සුරා බදු අධිකාරී ප්‍රභාත් ජයවික්‍රම මහතාගේ මෙහෙයවීම මත හිරු සී.අයි.ඒ. කණ්ඩායම සමග සැලසුමක් සකස් කෙරුණා.
ඒ අනුව ජාවාරම්කරුවන් සමග සුක්ෂම හිතවත්කමක් ගොඩ නගාගත් සුරා බදු නිලධාරීන් මත්වීමට භාවිතා කරනා මෙම ඖෂධ තොගයක් ඇනවුම් කර සිටියේ ව්‍යාපාරිකයන් ලෙස පෙනී සිටිමින්.
ඊයේ දහවල් කාලයේ පටන් නාත්තන්ඩිය, මාරවිල, හලාවත, මදුරන්කුළිය, පාලවිය ප්‍රදේශවලින් මත් පෙති ලබා දෙන බවට විටින් විට පොරොන්දු වෙමින් ජාවාරම්කරුවන් රාත්‍රිය ලගාවන තෙක්ම කාලය ගත කළා.