හිරු සී.අයි.ඒ. හරහා ඊයේ (25) අප අනාවරණය කලේ දකුණු පළාතට අයත් මාදම්පාවිල අභයභූමිය අම්බලන්ගොඩ නගර සභාව මගින් කැළි කසල අවිධිමත් ලෙස ගෙනවිත් දමමින් ආක්රමණය කරන ආකාරයයි.
මෙම කසල බැහැර කිරීම හේතුවෙන් මාදම්පා ගග මේ වනවිත් දුෂණය වී මෙම පරිසර පද්ධතියට ආවේණික සත්ව විශේෂ 138 කට සෘජු බලපෑම් එල්ල වෙමින් පවතිනවා.
ප්රදේශවාසීන් චෝදනා කරන්නේ 2007 වසරේදී ගැසට් කරන ලද මෙම අභයභූමියේ ඇතැම් ප්රදේශ අදාල ගැසට් පත්රයෙන් ඉවත්කිරීමට උත්සාහයක් පවතින බවයි.
අප කළ ගවේෂණයේදී හෙළිවුයේ ප්රදේශවාසීන් පවසන පරිදිම මේ වනවිට මාදම්පා ගඟ රක්ෂිතය මහා පරිමාණ සංචාරක හෝටල්කරුවන්ගේ ගොදුරු බවට පත්ව ඇති බවයි.
කෙසේ වෙතත් අප ඊයේ හිරු සී.අයි.ඒ. හරහා මෙම විනාශය අනාවරණය කිරීමෙන් පසු අද (26) පෙරවරුවේ වනජීවී අධ්යක්ෂ ජනරාල් චන්දන සුරියබණ්ඩාර නිලධාරීන් පිරිසක් සමඟ අදාල ප්රදේශය නිරීක්ෂණය කිරීමට පැමිණ තිබුනා.
හිරු සී.අයි.ඒ. අනාවරණයෙන් පසුව හෝ වනජීවී නිලධාරීන්ට රාජකාරිය මතක්වීම සතුටට කරුණක්.
එම රාජකාරිය නිසි පරිදි සිදුවන්නේ දැයි සොයා බැලීමටත් හිරු සී.අයි.ඒ. ඉදිරියේදීත් අවධානයෙන්.