Gossips

CCTV කැමරාවේ සටහන් වූ පලායාමේ සාක්ෂිය

මොරටුව නව මාර්ගයේ කොරවැල්ල ප්‍රදේශයේදී අඹුසැමි යුවලක් ගමන් ගත් යතුරු පැදියක් අනතුරට ලක් කර පලා ගිය ලොරි රථයක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
පසුගිය 10 වනදා මෙම අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
වේගයෙන් ගමන් ගත් ලොරි රථය එම දෙසටම ධාවනය වූ යතුරු පැදියක් මෙලෙස අනතුරට ලක් කර ඇති බවයි වාර්තා වන්නේ.
ලොරි රථයේ රියදුරු අනතුර සිදුකර පලා යන අයුරු අසල සවි කර තිබු ආරක්‍ෂිත කැමරාවක සටහන් වී තිබුනේ මෙලෙසින්.