Gossips

CCTV කැමරාවේ සටහන් වූ අනතුර

හැටන් කුඩාගම ප්‍රදේශයේදී වෑන් රථයක් ත්‍රී රෝද රථක ගැටීමෙන් සිදුවු රිය අනතුරකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.
ඊයේ රාත්‍රී 7 ට පමණ අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
නුවරඑළිය සිට මස්කෙළිය දක්වා ධාවනය වූ වෑන් රථයක් ඉදිරියෙන් ධාවනය වෙමින් තිබු ත්‍රී රෝද රථයක ගැටීමෙන් අනතුර සිදුව තිබෙනවා.
ත්‍රී රෝද රථයට මගියෙකු නංවා ගැනීමට නතර කළ අවස්ථාවේ පිටුපසින් පැමිණි වෑන් රථය එහි ගැටී තිබෙනවා.
පසුව ත්‍රී රෝද රථය මාර්ගයේ පෙරලී ගොස් තිබෙනවා.
එහි රියදුරා තුවාල ලබා කොටගල රෝහලට ඇතුලත් කර ඇති අතර වෑන් රථයේ අධික වේගය අනතුරට හේතුව බවයි හැටන් පොලිසිය සඳහන් කර ඇත්තේ.
මෙම අනතුර එම ස්ථානයේ ගොඩනැගිල්ලක සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබුනා.