හැටන් හිජිරාපුර ප්‍රදේශයේ නිවසක් ඉදිරිපිට නතරකර තිබ ත්‍රිරෝද රථයක් කිසියම් පිරිසක් විසින් සොරාගෙන ගොස් තිබෙනවා.
අද (11) අලුයම මෙම සොරකම සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
සිද්ධිය සම්බන්ධයෙන් හැටන් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර, මෙම සොරකම සිදුවන ආකාරය එම නිවසේ සවිකර තිබු CCTV කැමරාවක මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්.
