Sports

අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල නිල වෙබ් අඩවිය ද එය තහවුරු කළේ ය. 2008 වසරේදී බටහිර ඉන්දීය කෙදෙව් කණ්ඩායමට එරෙහිව ජාත්‍යන්තර තරග බිමට පිවිසි අජන්ත මෙන්ඩිස් ටෙස්ට් තරග 19කට ක්‍රීඩා කළේ ය. ඔහු සිය පළමු ටෙස්ට් තරගාවලියේදීම කඩුලු […]
The post අජන්ත මෙන්ඩිස් ක්‍රිකට් පිටියෙන් සමු ගැනීමට තීරණය කරයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

පන්දු යැවීමේ පරීක්ෂණය වෙනුවෙන් අකිල ධනංජය ඉන්දියාවට

COLOMBO (News 1st): පන්දු යැවීමේ ඉරියව්ව සම්බන්ධයෙන් පරීක්ෂණයකට මුහුණ දීම සඳහා ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය අද ඉන්දියාවේ චෙන්නායි නුවර බලා පිටත්ව යාමට නියමිතව තිබේ. අකිල ධනංජය සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ප්‍රධාන පරිපාලන මෙහෙයුම් නිලධාරී ජෙරම් ජයරත්න මහතා ද චෙන්නායි බලා පිටත්ව යාමට නියමිත ය. මේ වනවිට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දඟ […]
The post පන්දු යැවීමේ පරීක්ෂණය වෙනුවෙන් අකිල ධනංජය ඉන්දියාවට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

හොංකොං ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා ICCයෙන් තරග තහනමක්

(News 1st) – හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන පනත උල්ලංඝනය කිරීම හේතුවෙන් මෙලෙස හොංකොං ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා තරග තහනමක් පැනවීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. මෙලෙස ජීවිතාන්තය දක්වා ක්‍රිකට් තහනමකට ලක්ව ඇත්තේ ඉර්ෆාන් […]
The post හොංකොං ක්‍රීඩකයින් දෙදෙනෙකුට ජීවිතාන්තය දක්වා ICCයෙන් තරග තහනමක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයක්…

News 1st – ශ්‍රී ලංකා සහ නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අද ජය පරාජයෙන් තොරව අවසන් විය. ඒ, දෙරට අතර පැවැති දෙවැනි සහ අවසන් ටෙස්ට් තරගය නවසීලන්තය ඉනිමකින් සහ ලකුණු 65 කින් ජය ගැනීමත් සමගයි. කොළඹ පී.සරා ඕවල් ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු දෙනා දැවී ලකුණු 244 ක් රැස් කළේ ය. ඊට පිළිතුරු ලෙස […]
The post දෙවන ටෙස්ට් තරගයෙන් ශ්‍රී ලංකාවට ඉනිමක පරාජයක්… appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා පළමු ඉණිම අවසන්

COLOMBO (News 1st) : ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද තුන්වැනි දිනටත් පැවැත්වේ. සිය පළමු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 90යි පන්දු 2ක් අවසානයේදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 244කි. දිරුවන් පෙරේරා දිනයේ පළමු කඩුල්ල ලෙස ලකුණු නොලබා දැවී ගියේ ය. සුරංග ලක්මාල්ට රැස් කිරීමට හැකි වූයේ ලකුණු […]
The post ශ්‍රී ලංකා පළමු ඉණිම අවසන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකාවේ කඩුලු 6ක් බිඳ වැටෙද්දී වර්ෂාවෙන් බාධා

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා – නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවෙනි තරගය දෙවැනි දිනටත් අද පැවැත්විණි. තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වීම හේතුවෙන් අද දිනයේදී යොමු කිරීමට හැකි වූයේ පන්දුවාර 29 යි පන්දු 3ක් පමණි. තරගය කොළඹ පී සාරා ඕවල් ක්‍රීඩාංගණයේදී පැවැත්වේ. අද දිනය සඳහා තරගය ආරම්භ කරන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි […]
The post ශ්‍රී ලංකාවේ කඩුලු 6ක් බිඳ වැටෙද්දී වර්ෂාවෙන් බාධා appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපති දිවයිනට

COLOMBO (News 1st) : අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ශශාන්ක් මනෝහර් මහතා ඇතුළු පිරිස ඊයේ රාත්‍රීයේ දිවයිනට පැමිණියහ. මෙලෙස අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ සභාපතිවරයා ඇතුළු පිරිස දිවයිනට පැමිණියේ, දින 4 ක නිල සංචාරයක් සඳහායි. දිවයිනට පැමිණි ශාශාන්ක් මනෝහර් මහතා ඇතුළු පිරිස සහ ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අතර හමුවක් ද අද උදෑසන සිදුවිය. මෙම සංචාරයේදී මනෝහර් මහතා […]
The post ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිල සභාපති දිවයිනට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් සටන අදයි

News 1st – ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේදී අද ආරම්භ වේ. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලිය යටතේ ශ්‍රී ලංකා – නවසීලන්ත කණ්ඩායම් සහභාගී වන දෙවැනි තරගය මෙය වේ. ටෙස්ට් ලෝක ශූරතාවලියේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අනුව මේ වන විට ඉදිරියෙන් සිටින්නේ ශ්‍රී ලංකාවයි. ඒ, නවසීලන්තයට එරෙහි පළමු තරගයෙන් […]
The post ශ්‍රී ලංකා – නවසීලන්ත දෙවැනි ටෙස්ට් සටන අදයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

හතුරුසිංහ වෙනුවෙන් බදු නොගෙවූ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන්

COLOMBO (News 1st) – ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු බඳවා ගැනීමේදී පුහුණුකරුගේ අපේක්ෂා ඉක්මවා ප්‍රතිලාභ ලබා දී ඇති බව අනාවරණය වී තිබේ. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සිදු කළ වෝහාරික විගණනයෙනි. අදාළ විගණනයේදී හෙළිව ඇත්තේ, ප්‍රධාන පුහුණුකරු ලෙස චන්දික හතුරුසිංහ මහතා බඳවා ගැනීමේදී විධායක කමිටුව කිසිදු නිලධාරියෙකුට විධිමත් අනුමැතියක් ලබා දී නොමැති බව ය. […]
The post හතුරුසිංහ වෙනුවෙන් බදු නොගෙවූ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.

Sports

විලියම්සන් හා අකිලගේ පන්දු යැවීම ගැන ICC යෙන් පරීක්ෂණයක්

News 1st – නවසීලන්ත නායක කේන් විලියම්සන් සහා ශ්‍රී ලංකා කණ්ඩායමේ දඟ පන්දු යවන ක්‍රීඩක අකිල ධනංජය දින 14 ක් ඇතුළත පන්දු යැවීමේ ඉරියව්ව පිළිබඳ පරීක්ෂණයකට යොමු කිරීමට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ. ඒ, ඔවුන් දෙදෙනාගේ පන්දු යැවීමේ ඉරියව්ව සැක සහිත බවට අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයට චෝදනා එල්ලවීම හේතුවෙනි. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පළමු […]
The post විලියම්සන් හා අකිලගේ පන්දු යැවීම ගැන ICC යෙන් පරීක්ෂණයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.