COLOMBO (News 1st) – මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙලට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් දිවයිනෙන් පිටත්ව ගියේ ය. ජපානයේ ටෝකියෝ නුවර පැවැත්වෙන ඔලිම්පික් උළෙල සඳහා ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩක ක්‍රීඩිකාවන් 09 දෙනෙකු සහභාගී වේ. මලල ක්‍රීඩා ඉසව්වලින් දෙදෙනෙක්, පිහිනුම් ඉසව්වෙන් දෙදෙනෙක්, ජිම්නාස්ටික් ක්‍රීඩිකාවක්, ඉලක්කයට වෙඩි තැබීමේ ඉසව්වෙන් ක්‍රීඩිකාවක්, අශ්වාරෝහක ඉසව්වෙන් ක්‍රීඩිකාවක්, ජූඩෝ ක්‍රීඩකයෙක් සහ බැඩ්මින්ටන් ක්‍රීඩකයෙක් ඊට […]
The post ඔලිම්පික් යන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් ටෝකියෝ බලා පිටත්ව යයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිතය නම් කෙරේ..
COLOMBO (News 1st) – ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වෙන එක්දින සහ පන්දුවාර 20 යි 20 තරගාවලි සඳහා වන ශ්‍රී ලංකා සංචිතය අද(16) නිවේදනය කර තිබේ. නම් කළ සංචිතය සඳහා ක්‍රීඩකයින් 25 දෙනෙකු ඇතුළත් අතර දසුන් ශානක විසින් කණ්ඩායම මෙහෙයවනු ලැබේ. උපනායකත්වය ධනංජය ද සිල්වාට හිමි ව තිබේ. දෙරට අතර පළමු එක්දින ක්‍රිකට් තරගය අනිද්දා(18) කොළඹ, ආර්.ප්‍රේමදාස […]
The post ඉන්දියාවට එරෙහි ශ්‍රී ලංකා එක්දින සහ T20 සංචිතය නම් කෙරේ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
T20 ලෝක කුසලානයේ තරග පැවැත්වෙන කාණ්ඩ නම් කෙරේ: ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබා ගැනීමේ තරග 3ක්..
COLOMBO (News 1st): මෙවර පන්දුවාර 20 යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ, තරග පැවැත්වෙන කාණ්ඩ අද(16) අන්තර්ජාතික ක්‍රිකට්ක වුන්සිලය(ICC) නිවේදනය කළේය. ඒ අනුව, කණ්ඩායම් 12ක් කාණ්ඩ 2 කින් ලෝක කුසලානයට එක් වීමට නියමිතය. පළමු කාණ්ඩයෙන් එංගලන්තය, ඔස්ට්‍රේලියාව, දකුණු අප්‍රිකාව සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් තරග වදී. ඉන්දියාව, පකිස්ථානය, නවසීලන්තය සහ ඇෆ්ගනිස්ථානය තරග වදින්නේ දෙවැනි කාණ්ඩයෙනි. […]
The post T20 ලෝක කුසලානයේ තරග පැවැත්වෙන කාණ්ඩ නම් කෙරේ: ශ්‍රී ලංකාවට සුදුසුකම් ලබා ගැනීමේ තරග 3ක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
කුසල් ජනිත්ට ඉන්දියාවට එරෙහි තරගාවලියම අහිමි වෙයි: බිනුරත් එක්දින තරගවලට නැහැ
COLOMBO (News 1st): ආබාධයක් හේතුවෙන් කුසල් ජනිත් පෙරේරාට ඉන්දියාවට එරෙහි එක්දින සහ පන්දුවාර 20/20 තරගාවලි ක්‍රීඩා කිරිමට නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ, කුසල්ගේ දකුණු උරහිස ආබාධයකට ලක්ව ඇති බවය. මේ අතර වේග පන්දු යවන ක්‍රීඩක බිනුර ප්‍රනාන්දුට ද ඉන්දියාවට එරෙහි එක්දින තරගය ක්‍රීඩා කිරිමට නොහැකි බව ශ්‍රී […]
The post කුසල් ජනිත්ට ඉන්දියාවට එරෙහි තරගාවලියම අහිමි වෙයි: බිනුරත් එක්දින තරගවලට නැහැ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
SPECIAL REPORT: ක්‍රිකට් ක්‍රිඩකයින් 05 දෙනෙක් තීරණාත්මක තීන්දුවක් අභියස..
COLOMBO (News 1st): ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම දිගින් දිගටම ලැබූ පරාජයන් සමග මෙරට ක්‍රිකට් ක්‍රීඩාව අද පත්ව ඇති තත්වය පිළිබඳව බොහෝ දෙනෙකුගේ අවධානය යොමු වී තිබේ. නිමාව දුටු කොදෙව්, බංගලාදේශ සහ එංගලන්ත සංචාර හමුවේ ශ්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පරාජයන් සමග මෙරට ක්‍රිකට් ක්‍රීඩාව ඉතිහාසයේ සිදුවූ විශාලතම බිඳවැටීම සිදුව ඇත්දැයි බොහෝ දෙනෙකු පවසයි. හිටපු ක්‍රිකට් නායක ඇනජලෝ […]
The post SPECIAL REPORT: ක්‍රිකට් ක්‍රිඩකයින් 05 දෙනෙක් තීරණාත්මක තීන්දුවක් අභියස.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
උස්බෙකිස්ථානයට එරෙහිව විශිෂ්ට ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් ශූරතාවට සුදුසුකම් ලබා ගනී..
COLOMBO (News 1st) – ශ්‍රී ලංකා කණ්ඩායම ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි, වොලිබෝල් ශූරතාවලිය සඳහා අද සුදුසුකම් ලබා ගත්තේය. ඒ, උස්බෙකිස්ථානය සමග පැවැති, සුදුසුකම් ලබා ගැනීමේ තරගය, වට 3ට 0ක් ලෙස අති විශිෂ්ට ලෙස ජය ගනිමිනි. තරගය කොළඹ, සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්විය. ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි, වොලිබෝල් ශූරතාවලිය මෙම වසරේ සැප්තැම්බර් මස 12 වැනිදා ජපානයේදී ආරම්භ වීමට නියමිතය.
The post උස්බෙකිස්ථානයට එරෙහිව විශිෂ්ට ජයක් ලබා ගත් ශ්‍රී ලංකාව ආසියානු ජ්‍යෙෂ්ඨ පිරිමි වොලිබෝල් ශූරතාවට සුදුසුකම් ලබා ගනී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ක්‍රීඩා සංගමයක හා සම්මේලන 4ක ලියාපදිංචිය අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක්
COLOMBO (News1st) : ක්‍රීඩා සංගමයක හා ක්‍රීඩා සම්මේලන 4 ක ලියාපදිංචිය තාවකාලිකව අත්හිටුවමින් ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබ තිබේ. ජුලි 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ ක්‍රීඩා සංගම් හා සම්මේලනවල පරිපාලනය පවත්වාගෙන යාමේ නිසි බලධරියා ලෙස ද පත් කර ඇත්තේ, ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයායි. එලෙස ලියාපදිංචිය අත්හිටවූ ක්‍රීඩා සංගම් […]
The post ක්‍රීඩා සංගමයක හා සම්මේලන 4ක ලියාපදිංචිය අත්හිටුවමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
සිම්බාබ්වේට එරෙහිව බංග්ලාදේශට වාර්තාගත ටෙස්ට් ජයක්
COLOMBO (News 1st) – සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගය සංචාරක බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 220 කින් ජය ගත්තේ ය. එම තරගය වාර්තා අතරට එක් වූයේ, බංග්ලාදේශ කණ්ඩායම දෙවැනියට වැඩිම ලකුණු පරතරයකින් ජය ගත් ටෙස්ට් තරගය ලෙසය. හරාරේහිදී පැවැති තරගයේ ජයග්‍රහණයට ලකුණු 477ක ඉලක්කයක් හඹා ගිය සිම්බාබ්වේ කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 256 කට දැවී ගියේ ය. බංග්ලාදේශ […]
The post සිම්බාබ්වේට එරෙහිව බංග්ලාදේශට වාර්තාගත ටෙස්ට් ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඔස්ට්‍රේලියාට එරෙහි පළමු T20 තරගයේ ජය කොදෙව්වන්ට
COLOMBO (News 1st) – ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ලකුණු 18කින් ජය ගත්තේ ය. ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 06කට රැස් කළ ලකුණු සංඛ්‍යාව 145කි. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඔස්ට්‍රේලියා කණ්ඩායමට පන්දුවාර 16ක් අවසානයේදී […]
The post ඔස්ට්‍රේලියාට එරෙහි පළමු T20 තරගයේ ජය කොදෙව්වන්ට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ, තරග කාලසටහන වෙනස් වෙයි..
COLOMBO (News 1st) – ලබන 13 වැනිදා ආරම්භ වීමට නියමිතව තිබූ ඉන්දියා – ශ්‍රී ලංකා එක්දින සහ පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලිය මේ මස 18 වැනිදා දක්වා කල් දැමූ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ අංශය භාර පුහුණුකරු සහ දත්ත විශ්ලේෂකයෙකුට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙනි. එක්දින තරග […]
The post ඉන්දු – ශ්‍රී ලංකා ක්‍රිකට් තරගාවලියේ, තරග කාලසටහන වෙනස් වෙයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.