COLOMBO (News 1st): ඉන්දියාව සමග පැවති 03වන එක්දින ක්‍රිකට් තරගයෙන් කඩුලු 03ක ජයක් ලැබීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. මෙය ශ්‍රී ලංකා කණ්ඩායමක් වසර09කට පසු සිය මව්බිමේදී ඉන්දියාවට එරෙහිව ලබාගත් පළමු ජයග්‍රහණය වීම ද විශේෂත්වයකි. තරගාවලියේ පළමු තරග 02ම ඉන්දියාව ජයගෙන තිබීම හේතුවෙන් තරග 2ට 1ක් ලෙස එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට හිමිවිය. කොළඹ, ආර්. ප්‍රේමදාස […]
The post ශ්‍රී ලංකාව වසර 09කට පසු සිය මව්බිමේදී ඉන්දියාවට එරෙහිව එක්දින ජයක් වාර්තා කරයි.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
විශ්වයේ අසිරිමත් ක්‍රීඩා සැණකෙලිය, ඔලිම්පික් උළෙල ඇරඹේ..
COLOMBO (News 1st) – විශ්වයේ අසිරිමත් ක්‍රීඩා සැණකෙලිය ලෙස හඳුන්වන ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ සමාරම්භක උත්සවය ජපානයේ, ටෝකියෝ නුවරදී ආරම්භ විය. මෙය 32 වැනි ඔලිම්පික් උළෙල වන අතර, එය පසුගිය වසරේදී පැවැත්වීමට සැලසුම් කර තිබූ නමුත් කොවිඩ් 19 වසංගතය හේතුවෙන් මේ වසර දක්වා කල් දැමීමට තරගාවලි සංවිධායකයන් පියවර ගැනිණි. ඒ අනුව ඔලිම්පික් ඉතිහාසයේ ක්‍රීඩා උළෙලක් කල් […]
The post විශ්වයේ අසිරිමත් ක්‍රීඩා සැණකෙලිය, ඔලිම්පික් උළෙල ඇරඹේ.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භ උත්සවය අද
COLOMBO (NEWS1ST) : විශ්වයේ අසිරිමත් ක්‍රීඩා මංගල්‍යයේ 32 වැනි අදියරේ සමාරම්භක උත්සවය ජපානයේදී අද පැවැත්වේ. 2020 වසරේදී පැවැත්වීමට නියමිතව තිබූ ටෝකියෝ ඔලිම්පික් උළෙල මේ වසර දක්වා කල් දැමීමට සිදු වූයේ කොවිඩ් 19 වසංගතය හේතුවෙනි. ඔලිම්පික් ඉතිහාසයේ ක්‍රීඩා උළෙලක් කල් දමා වෙනත් වසරකදී පවත්වන පළමු අවස්ථාව මෙයයි. 1964 වසරේදීද ටෝකියෝ නුවර ඔලිම්පික් උළෙලට සත්කාරත්වය සැපයී ය. […]
The post ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භ උත්සවය අද appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
නාමල් රාජපක්ෂ ඔලිම්පික් සමාරම්භක උත්සවය වෙනුවෙන් ජපානයට..
COLOMBO (News 1st)2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලේ සමාරම්භක උත්සවයට සහභාගී වීම සඳහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ජපානය බලා පිටත්ව ගොස් තිබේ. ට්විටර් සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ ඔලිම්පික් උළෙලට එක්වන ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරි ගැන්වීම සහ අන්තර් ජාතික ඔලිම්පික් කමිටු නිලධාරීන් මෙන්ම ජපාන රජය සමග සාකච්ඡා කිරීමට බලාපොරොත්තුවන බවය.
The post නාමල් රාජපක්ෂ ඔලිම්පික් සමාරම්භක උත්සවය වෙනුවෙන් ජපානයට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේදී
COLOMBO (NEWS1ST) : 2032 ඔලිම්පික් සහ පැරාලිම්පික් උළෙලේ සත්කාරත්වය ඔස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයට අද නිල වශයෙන් ප්රදානය කෙරිණ. ඒ ජපානයේ ටෝකියෝ නුවර පැවැති අන්තර් ජාතික ඔලිම්පික් කමිටු 138 වැනි සැසිවාරයේදීයි. අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව හඳුන්වා දුන් නව ලංසු ආකෘතියට අනුව බ්‍රිස්බේන් නගරයට එම අවස්ථාව නිතරගයෙන් හිමි වු බව විදෙස් වාර්තාවල සඳහන් වේ. එම නව ආකෘතිය යටතේ […]
The post 2032 ඔලිම්පික් ක්‍රීඩා උළෙල ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බේන් නගරයේදී appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට..
COLOMBO (News 1st): තවත් තරගයක් ඉතිරිව තිබියදීම ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලිය ජය ගැනිමට ඉන්දියාව සමත් විය. ඒ ඊයේ(20) පැවති දෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 03කින් ජය ගැනීමත් සමගිනි. ඒ අනුව තරග 2-0ක් ලෙස තරගාවලිය ජයගෙන ඉන්දීය කණ්ඩායම ඉදිරියෙන් සිටී. කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගෙන පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා […]
The post ශ්‍රී ලංකාවට එරෙහි එක්දින තරගාවලියේ ජය ඉන්දියාවට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
තවත් රටවල් 03කට ICC සාමාජිකත්වය හිමිවෙයි
COLOMBO (News 1st) – ස්විට්සර්ලන්තය, ටජිකිස්ථානය සහ මොංගෝලියාවට අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිල(ICC) සාමාජිකත්වය හිමිව තිබේ. අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය මෙම තීරණයට එළැඹ ඇත්තේ එම ආයතනයේ 78 වැනි වාර්ෂික මහා සභා රැස්වීමේදීය. ඒ අනුව අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආසියානු කලාපීය 22 වැනි සහ 23 වැනි සාමාජික අංක මොංගෝලියාවට සහ තජිකිස්ථානයට හිමිව තිබේ. ස්විට්සර්ලන්තය, අන්තර් ජාතික ක්‍රිකට් […]
The post තවත් රටවල් 03කට ICC සාමාජිකත්වය හිමිවෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදී..
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවට එරෙහි එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය ඉන්දීය කණ්ඩායම කඩුලු 07කින් ජය ගැනීමට සමත් විය. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති තරගයේ ජයග්‍රහණය වෙනුවෙන් ලකුණු 263ක ඉලක්කයක් හඹා ගිය ඉන්දීය කණ්ඩායම තරගය ජය ගත්තේ පන්දුවාර 36යි පන්දු 4ක් අවසානයේදී කඩුලු 03ක් පමණක් දැවී තිබියදීය. තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකා නායක දසුන් ශානක […]
The post ඉන්දියාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාව පරදී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඉන්දු – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අදයි: ඉන්දීය කණ්ඩායමට අභියෝගයක් එල්ල කිරීමට සූදානම් – දසුන් ශානක
COLOMBO (News 1st): ඉන්දීය කණ්ඩායමට අභියෝගයක් එල්ල කිරීමට සූදානම් බව ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි. දෙරට අතර තරගාවලියේ පළමු එක්දින තරගය අද(18) සවස 3.00ට කොළඹ, ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකා – ඉන්දියා ක්‍රිකට් තරගාවලිය එක්දින තරග 03කින් සහ පන්දුවාර 20යි 20 තරග 03කින් සමන්විතය. දෙරට අතර මේ දක්වා පවත්වා ඇති එක් […]
The post ඉන්දු – ශ්‍රී ලංකා පළමු එක්දින තරගය අදයි: ඉන්දීය කණ්ඩායමට අභියෝගයක් එල්ල කිරීමට සූදානම් – දසුන් ශානක appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඔස්ට්‍රේලියාවට එරෙහි T20 තරගාවලිය: කොදෙව්වන්ට තරග 4ට 1ක ජයක්
COLOMBO (News 1st) – ඔස්ට්‍රේලියාවට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලිය සත්කාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම තරග 4ට 1ක් ලෙස අද ජය ගත්තේ ය. අද පැවැති තරගාවලියේ පස්වැනි තරගය බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ජය ගත්තේ ලකුණු 16 කින් ය. ශාන්ත ලුසියාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු 8කට රැස් කළ ලකුණු සංඛ්‍යාව […]
The post ඔස්ට්‍රේලියාවට එරෙහි T20 තරගාවලිය: කොදෙව්වන්ට තරග 4ට 1ක ජයක් appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.