COLOMBO (News 1st): දකුණු අප්‍රිකාව සමග පැවති පළමු එක්දින ක්‍රිකට් තරගයෙන් ශ්‍රී ලංකාවට ලකුණු 14ක විශිෂ්ට ජයක් හිමිවිය. ඒ අනුව, තරග 03කින් සමන්විත එක්දින තරගාවලිය තරග 1ට 0ක් ලෙස ශ්‍රී ලංකාව ඉදිරියෙන් සිටී. කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් පන්දුවට පහර දීමට තීරණය කළේය. ඒ් අනුව ශ්‍රී ලංකාව […]
The post දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින තරගයෙන් ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
Sports
අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ධුරයට: මහින්ද හලන්ගොඩ කණ්ඩායමේ කළමනාකරු ධුරයට
COLOMBO (News 1st): ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස, හිටපු ශ්‍රී ලංකා ක්‍රීඩක අවිශ්ක ගුණවර්ධන පත් කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසන්නේ, අවිශ්කගේ පත්වීම 2022 දෙසැම්බර් 31 වැනිදා දක්වා බලපැවැත්වෙන බවය. අයි.සී.සී. III වන මට්ටමේ සුදුසුකම් ලත් පුහුණුකරුවෙකු වූ අවිශ්ක ගුණවර්ධන, මීට පෙරත් ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමේ පුහුණුකරු ධුරය හොබවා […]
The post අවිශ්ක ගුණවර්ධන ශ්‍රී ලංකා 19න් පහළ ක්‍රිකට් පිලේ ප්‍රධාන පුහුණුකරු ධුරයට: මහින්ද හලන්ගොඩ කණ්ඩායමේ කළමනාකරු ධුරයට appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
අවිශ්ක ප්‍රනාන්දුගෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ට ශතකයක්..
COLOMBO (News 1st): අවිශ්ක ප්‍රනාන්දු සිය එක්දින ක්‍රිකට් දිවියේ 03වන ශතකය වාර්තා කිරීමට අද(02) සමත් විය. ඒ දකුණු අප්‍රිකාව සමග දැන් පැවැත්වෙන පළමු එක්දින ක්‍රිකට් තරගයේදීය. අවිශ්ක පන්දු 106කදී සිය ශතකය ලබා ගත්තේය. තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
The post අවිශ්ක ප්‍රනාන්දුගෙන් දකුණු අප්‍රිකාවට එරෙහිව විශිෂ්ට ශතකයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී..
COLOMBO (News 1st ) – දකුණු අප්‍රිකාවට එරෙහි පළමු එක්දින ක්‍රිකට් තරගයේ කාසියේ වාසිය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය. ඒ අනුව, දසුන් ශානක ප්රමුඛ ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීමට තීරණය කරයි. තරගය කොළඹ, ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.
The post කාසියේ වාසිය හිමි කරගත් ශ්‍රී ලංකාව පිත්ත අතට ගනී.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
බංග්ලාදේශය ඉදිරියේ නවසීලන්තයට දරුණු පරාජයක්..
COLOMBO (News 1st) – නවසීලන්තයට එරෙහි පන්දුවාර 20යි 20 ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය සත්කාරක බංග්ලාදේශය කඩුලු 07කින් ජය ගත්තේය. ඩකාහිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තයට පන්දුවාර 16යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කිරීමට හැකි වූයේ ලකුණු 60ක් පමණි. නවසීලන්තය වෙනුවෙන් නායක ටොම් ලැතම් සහ හෙන්රි නිකලස් ලකුණු 18 බැගින් රැස් කළේය. සෙසු කිසිදු පිතිකරුවෙකුට […]
The post බංග්ලාදේශය ඉදිරියේ නවසීලන්තයට දරුණු පරාජයක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
දඟ පන්දු යවන්නන් පිළිබඳ වැඩි විශ්වාසයක් තබමින් දසුන් ප්රමුඛ ශ්‍රී ලංකා පිල අද දකුණු අප්‍රිකාවට එරෙහිව තරග බිමට..
COLOMBO (News 1st) – දඟ පන්දු යවනන්නන්ට වැඩි කඩුලු ප්‍රමාණයක් දවා ගැනීමට හැකි වුවහොත්, දකුණු අප්‍රිකාවට එරෙහි ක්‍රිකට් තරගාවලිය ජය ගැනීමට හැකිවනු ඇතැයි ශ්‍රී ලංකා ක්‍රිකට් නායක දසුන් ශානක පවසයි. කණ්ඩායමක් ලෙස ජයග්‍රාහී මාසිකත්වයකින් සිටින බවත්, කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් තරගාවලියට හොඳ සූදානමකින් සිටින බවත් දසුන් ශානක සඳහන් කළේය. ශ්‍රී ලංකා – දකුණු අප්‍රිකා පළමු එක්දින ක්‍රිකට් […]
The post දඟ පන්දු යවන්නන් පිළිබඳ වැඩි විශ්වාසයක් තබමින් දසුන් ප්රමුඛ ශ්‍රී ලංකා පිල අද දකුණු අප්‍රිකාවට එරෙහිව තරග බිමට.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
2016 පැරාලිම්පික් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරාම මම අධිෂ්ඨාන කර ගත්තා, ලෝක වාර්තාවක් සමග රන් පදක්කම මගේ නමට ලියාගන්නවා කියලා.. – දිනේෂ් ප්‍රියන්ත
COLOMBO (News 1st) – පුහුණුවීම් සහ කැපවීම් තුළින් තම අරමුණ කරා ළඟා වූ බව පැරාලිම්පික් රන් පදක්කම්ලාභී ක්‍රීඩක දිනේෂ් ප්‍රියන්ත හේරත් පවසයි. ජපානයේ සිට අන්තර්ජාලය ඔස්සේ සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව පැවසුවේ ය. පැරාලිම්පික් රන් පදක්කම්ලාභී ක්‍රීඩක, දිනේෂ් ප්‍රියන්ත හේරත්, මම 2016 සිට තමයි ජයග්‍රහණවලට පෙළඹුණේ. ඉන්පසු මම 2016 පැරාලිම්පික් තරගාවලියේ ලෝකඩ පදක්කම ජයග්‍රහණය […]
The post 2016 පැරාලිම්පික් ලෝකඩ පදක්කම ජයග්‍රහණය කරාම මම අධිෂ්ඨාන කර ගත්තා, ලෝක වාර්තාවක් සමග රන් පදක්කම මගේ නමට ලියාගන්නවා කියලා.. – දිනේෂ් ප්‍රියන්ත appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
ඔෂිනි දේවින්යාට යොවුන් චෙස් ලෝක ශූරතාවලියේ අවු. 10න් පහළ බාලිකා ශූරතාවය
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ ඔෂිනි දේවින්යා ගුණවර්ධන යොවුන් චෙස් ලෝක ශූරතාවලියේ වයස අවුරුදු 10න් පහළ බාලිකා අංශයේ ශූරතාව දිනා ගෙන තිබේ. ලොව පුරා රටවල් 100 කට අධික ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙවර තරගාවලියට එක් වූයේ, අන්තර්ජාලය ඔස්සේය. එහි මූලික වටයේ පැවැති තරගවලදී ඔෂිනි හමුවේ එංගලන්ත, ඉන්දීය සහ රුසියානු ක්‍රීඩිකාවන් පිරිසක් පරාජය විය. ඇය සමග අවසන් […]
The post ඔෂිනි දේවින්යාට යොවුන් චෙස් ලෝක ශූරතාවලියේ අවු. 10න් පහළ බාලිකා ශූරතාවය appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
කුමුදු ප්‍රියංකාගේ මීටර 100 පැරාලිම්පික් පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි
COLOMBO (News 1st) – ශ්‍රී ලංකාවේ කුමුදු ප්‍රියංකා 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ මීටර 100 කාන්තා ධාවන ඉසව්වේ මූලික වටයේ තරගයකට අද(31) සහභාගී විය. කුමුදු ප්‍රියංකා අද සහභාගී වූයේ, මීටර 100 T47 කාන්තා ධාවන ඉසව්වේ පළමු මූලික වටයේ තරගයටයි. අතක ආබාධ සහිත ක්‍රීඩිකාවන් එම තරගයට සහභාගී වූ අතර කුමුදු ප්‍රියංකා තත්ත්පර 13යි දශම 3යි 1ක […]
The post කුමුදු ප්‍රියංකාගේ මීටර 100 පැරාලිම්පික් පදක්කම් බලාපොරොත්තුව ගිලිහෙයි appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.
මව්බිම රනින් බැබළවූ දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්..
COLOMBO (News 1st) – ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේදී මව්බිම රනින් සැරසූ සැරයන් දිනේෂ් ප්‍රියන්ත බලලත් නිලධාරී 01 දක්වා උසස් කළ බව යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. එය අද(30) පස්වරුවේ සිට ක්‍රියාත්මක බව යුද හමුදාපතිවරයා සඳහන් කළේය. යුද හමුදාපතිවරයා පැවසුවේ, ජනාධිපතිවරයාගේ හා ආරක්ෂක ලේකම්වරයාගේ අනුමැතිය මත ඔහු උසස් කෙරුණු බවය. දිනේෂ් ප්‍රියන්ත හේරත් පැරාලිම්පික් F46 […]
The post මව්බිම රනින් බැබළවූ දිනේෂ් ප්‍රියන්තට උසස්වීමක්.. appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.