Breaking Gossips Politics Sri Lanka

රාජපක්ෂ රෙජීමයෙන් හොරා කෑ භාතිය – සංතූෂ් විලිලැජ්ජා නැතිවම අරගලයෙනුත් හොරා කාලා – කුප්‍රකට දූෂිතයන් දෙදෙනෙකුගේ විස්තරය!

රාජපක්ෂ රෙජීමයෙන් හොරා කෑ භාතිය – සංතූෂ් විලිලැජ්ජා නැතිවම අරගලයෙනුත් හොරා කාලා – කුප්‍රකට දූෂිතයන් දෙදෙනෙකුගේ විස්තරය!

රාජපක්ෂ ජුන්ටාවේ ප්‍රමුඛ හවුල්කරුවෙකු වෙමින් රාජපක්ෂ රජය විසින් සිදු කළ මහා පරිමාණ උත්සව, සැණකෙලි සියල්ලේම සංවිධාන කටයුතු සිදු කරමින් කෝටි ගණනින් ඉපැයූවන් අතර මුල්තැන ගන්නේ භාතිය – සංතූෂ් නොහොත් BnS නමින් පෙනී සිට්නා ව්‍යාපාරිකයන් දෙදෙනාය.

එවකට මහින්ද රාජපක්ෂ රජය සමයේ හම්බන්තොට වරාය විවෘත කිරීමේ මහා උත්සවයේ සිය පසුගිය සමයේ වර්තමාන ගෝඨාභය රාජපක්ෂ රජය සමයේ සිදු කළ සියලූම රාජ්‍ය උත්සව, සැණකෙලි වල සංවිධානය සිදු කරමින් භාතිය – සංතුෂ් දෙදෙනාට අයත් උත්සව සංවිධාන ආයතනය (Event Management Company) ඉපැයූ මුදල කෝටි සියයකට වඩා වැඩි මිසෙක අඩු නැත.

රාජපක්ෂ රෙජීමයේ එතරම් ප්‍රභල අගසව්වන් දෙදෙනෙකු වන භාතිය ජයකොඩි සහ සංතූෂ් වීරමන් රාජපක්ෂ රජයට එරෙහිව පුරවැසි රැල්ලක් ගොඩනැගෙද්දි විලිලැජ්ජා නැතුවම එයටත් සම්බන්ධ විය.

එහිදි ඔවුන් බලාපොරොත්තු වූයේ රාජපක්ෂ රජය සමයේ තමන් ඉපැයූ මහජන බදු මුදල් වලට එරෙහිව ගොඩනැගෙනා මහජන විරෝධයෙන් ගැලවීමය.

මේ පුරවැසි අරගලය රාජපක්ෂලා සිදු කළ හොරකම් වලට විරුද්ධවය.

එහෙයින් රාජපක්ෂලාගෙන් ව්‍යාපාර ගෙන, මහජන මුදල් ගසා කෑ භාතිය – සංතුෂ්ට මෙම අරගලය සම්බන්ධ වීමට කිසිදු අයිතියක් නොමැත.

එනමුත් මේ කුප්‍රකට, කෛරාටික කලුකඩ මුදලාලීලා එයම සිදු කළේය.

ඔවුන්ට මේ පුරවැසිය අරගලයට සම්බන්ධ වීමට අවශ්‍ය නම් ඔවුන් ප්‍රථමයෙන්ම තමන් රාජපක්ෂ රජය සමයේ ගසා කෑ මුදල් අන්තිම සතය දක්වාම යළිත් මහජනතාවට ලබා දිය යුතුය.

එනමුත ඔවුන් එලෙස සිදු කරන්නේ නැත. ඔවුන් මෙම අරගලයට සම්බන්ධ වූයේම තමන් එලෙස ගසා කෑ මුදල්, සිය ව්‍යාපාර සහ ජනප්‍රියත්වය රැකගැනීමේ පවිටු, දුෂ්ඨ චේතනාවෙන් පමණි.

මේ අතර තමන් සම්බන්ධ වන සෑම දෙයකින්ම හොරා කන භාතිය – සංතූෂ් අරගලයෙන්ද ගසා කෑම අරඹා තිබෙන බව වාර්තා වේ.

අද ගෝල් ෆේස් ගෝඨා ගෝ ගම අරගල භූමීයේ කලාකරුවන් පිරිවරා විශේෂ සංගීත ප්‍රසංගයක් පැවැත්වේ.

ඒ සඳහා උමාරියා, ධනිත් ශ්‍රී, ශනුද්‍රී ඇතුලු ජනප්‍රිය කලාකරුවන් රැසක් සම්බන්ධ වේ.

මේ සඳහා අරගලයට සහය දක්වන විදෙස් ගත ශ්‍රී ලාංකිකයන් සහ රාජ්‍ය නොවන සංවිධානයක් අරමුදල් සපයා තිබේ.

මේ භාතිය සංතූෂ්ගේම අදහසක් අනුව සිදුවන ප්‍රසංගයකි.

මෙවැනි ප්‍රසංගයක් අරගල භූමියේදි සංවිධානය කරමින් එයට අවදානය ලබා ගත යුතු යැයි මෙරට ක්‍රියාත්මක රාජ්‍ය නොවන සංවිධානයකට යෝජනාවක් ඉදිරිපත් කරමින් එය සංවිධානය කිරීමට රුපියල් මිලියන 120ක මුදලක් භාතිය – සංතුෂ්ගේ ආයතනය විසින් ලබා ගෙන ඇත්තේ කිසිදු ලැජ්ජාවකින් තොරවය.

මේ සඳහා අවංක, අරගලයට උදව් කිරීමේ සැබෑ උවමනාවකින් යුතු විදෙස් ගත ශ්‍රී ලාංකිකයන්ගේ මූල්‍ය සහයත් මොවුන් දෙදෙනාට හිමිව තිබේ.

පසුගිය දින රඹුක්කනදී අරගලයට සම්බන්ධ පුද්ගලයෙකු මිය ගොස් දින හතක් ගත වීමටත් පෙර අරගල භූමීයේ සංගීත ප්‍රසංගයක් පැවැත්වීම අරගලයම දියාරු කරන්නකි. අරගලය වෙනුවෙන් මිය ගිය පුද්ගලයාටත් කරනා අපහාසයකි.

පුරවැසියන්ගේ අවදානය වෙනත් දිශාවකට යොමුවන්නකි.

භාතිය – සංතූෂ්ට ඒවා අදාල නැත. මෙම අරගලය කෙරෙහි අඹ මල් රේණුවක තරම් හෝ සැබෑ, අවංක උවමනාවක් හෝ ආදරයක් ඔවුන්ට නැත.

ඔවුන්ට මෙය කවුරුන් හෝ රවටා කීයක් හෝ උපයා ගැනීමේ ව්‍යාපාරයක් පමණි.

ඒ අනුව මෙම ප්‍රසංගය සංවිධානය, වේදිකාව සැකසීම, ආලෝකරණය සහ ශබ්ද පරිපාලන කොන්ත්‍රාත්තු සියල්ල භාතිය සංතූෂ්ගේ සමාගමම ලබා ගෙන තිබේ.

මෙහි ආලෝකරණය සහ ශබ්ද පරිපාලනය රුපියල් මිලියනයක මුදලකට කූල් ටෙම්පො (Cool Tempo) ආයතනයට සහ සවුන්ඩ් හවුස් ආයතනයට (Sound House) භාතිය සංතූෂ් උප කොන්ත්‍රාත්තු ලබා දී තිබේ. වේදිකාවත් සුලු මුදලකට ලබා ගෙන තිබෙන ඔවුන් මේ ප්‍රසංගයෙන් පමණක් රුපියල් කෝටියක ශුද්ධ ලාභයක් ලබා ගෙන තිබේ.

මේ අරගලයම දියාරු කරමින් භාතිය ජයකොඩි සහ සංතූෂ් වීරමන් ව්‍යාපාරිකයන් දෙදෙනා මුදල් උපයන හැටිය. මුදල් ලැබෙනවා නම් සිය ආත්මය පවා විකිණීමේ තුච්ච ගුණය මොවුන් දෙදෙනාට යහමින් තිබේ.

මොවුන්ගේ ව්‍යාපාර, මොවුන්ගේ වාහන, මොවුන්ගේ නිවාස සියල්ල ගොඩ නැගුවේ මෙරට මහජනතාවගේ බදු මුදලිනි. ඔබේ සහ මගේ මුදලෙනි. සංගීතය කිසිදා ඔවුන්ගේ ප්‍රධාන ව්‍යාපාරය නොවුනි.

ඔවුන් මුදල් ඉපැයූවේ ඔවුන්ගේ ඉවෙන්ට් මැනේජ්මන්ට් ව්‍යාපාරය හරහා රජයේ උත්සව සංවිධානය කිරීමෙනි. එක් උත්සවයකින් කෝටි ගණනින් ශුද්ධ ලාභ ලැබූවේය.

මෙම කලු කඩ මුදලාලිලා දෙදෙනාත් මහජන මුදල් ගසා කෑමට සහ මේ රට බංකොළොත් කිරීමට දේශපාලකයන් තරමටම වගකිව යුතුය.

හිරි – ඔතප් නොහඳුනන හාතිය – සංතූෂ් සංගීත මුදලාලීලා ප්‍රථමයෙන් රාජපක්ෂලාගෙන් කා අවසානයේ ඔවුන් පාවා දුන්නේය.

දැන් ඔවුන් අරගලය ව්‍යාපාරයක් කරගනිමින් අරගලයෙන් යහමින් මුදල් උපයමින් සිටිති.

අවසානයේ ඔවුන් මුදලට අරගලයද පාවා දීම නිසැකය. මුදල් වෙනුවෙන් මේ මුදලාලීලාට කළ නොහැක්කක් නොමැත.

ඔවුන් මහජන මුදල් හොරා කෑ, අයථා අන්දමින් ඉපෑයූ, මෙරට පුරවැසියන්ගේ ඊරි මාංශය උරා බිවු කූඩැල්ලන් දෙදෙනෙකු පමණකි.

එම නිසා මොවුන් දෙදෙනා කිසිම ලෙසකින් අරගලයට සම්බන්ධ කර නොගැනීම ස්වාධීන පුරවැසියන්ගේ වගකීමකි.

එළඹෙන රජයක මොවුන්ගේ වත්කම්ද විගණනය කරමින්, මොවුන් අයථා ලෙස ඉපැයූ සියලූම මුදල් ජනතාව සතු කිරීමත් කළ යුතුමය.