ඒ ටී එම් යන්ත්‍රවලින් රුපියල් 8,078,000 ක් වංචා කළ තරුණයන් දෙදෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීගමුව සහ ජාඇල ප්‍රදේශවලදී මෙම වංචාවන් සිදුව ඇති අතර මීගමුව පොලිසිය සිදුකළ දීර්ඝ විමර්ශණයකින් අනතුරුවයි සැකකරුවන් අත්අඩංගුවට ගැනුනේ. 
ඊයේ සවස කුරණ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්ණ කිරීම්වලදී වංචා කළ රුපියල් 2,800,000 ක් ද සොයාගෙන තිබෙනවා. 
එමෙන්ම වංචා කළ මුදල්වලින් ලබාගත් යතුරුපැදියක් ද පොලිස් භාරයට ගෙන ඇතැයි සඳහන්. 
මීගමුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි සැකකරුවන් දෙදෙනා මීගමුව මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.



