Gossips

ATM යන්ත්‍රයක් කඩා මුදල් සොරකම් කිරීමට ගිය පුද්ගලයෙකුට වැඩ වරදී

වැලිමඩ – කැප්පෙටිපොළ නගරයේ රාජ්‍ය බැංකුවකට අයත් ඒ.ටී.එම්. යන්ත්‍රයක් කඩා මුදල් කොල්ලකෑමට පැමිණි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ (08) අලුයම මෙම ඒ.ටී.එම්. යන්ත්‍රය කැඩීමට උත්සාහ කිරීමේදී ඊට සම්බන්ධ කර ඇති අනතුරු සංඥා නාදවීමත් සමඟ කොල්ලයට පැමිණි සැකකරුවන් දෙදෙනා පළා ගොස් තිබුණා.
අනතුරුව එහි ඇති ආරක්ෂිත කැමරා උපයෝගී කර ගනිමින් සිදුකළ විමර්ශනවලදී සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවයි වැලිමඩ පොලීසිය ප්‍රකාශ කළේ.