Gossips

ATM යන්ත්‍රයක්‌ බිඳ මුදල් සොරාගත් දෙදෙනෙකුට ඇප

ඒ.ටී.එම්. යන්ත්‍රයක්‌ බිඳ මුදක් සොරකම් කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයේ පසුවූ සැකකරුවන් දෙදෙනෙකු රුපියල් ලක්ෂ 15 බැගින් වූ ශරීර ඇප මත මුදාහැරීමට මීගමුව ප්‍රධාන මහේස්‌ත්‍රාත්වරයා පසුගියදා නියෝග කර තිබෙනවා.
එක් සැකකරුවෙකුගේ විවාහ මංගල උත්සවය සංවිධානය කිරීම සඳහා අවශ්‍ය මුදල් ලබාගැනීමට සැකකරුවන් දෙදෙනා මෙලෙස ඒ.ටී.එම්. යන්ත්‍රයක්‌ බිඳ මුදල් සොරකම්කර ඇති බවයි වාර්තා වන්නේ.
රුපියල් හතළිස්‌ හත්ලක්ෂ හැත්තෑ දහසක මුදලක්‌ සැකකරුවන් දෙදෙනා විසින් සොරකම්කර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
මාස තුනක පමණ කාලයක්‌ රිමාන්ඩ් භාරයේ සිට ඇප නියමවූ සැකකරුවන් මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි අප වාර්තාකරු සඳහන් කළේ.
මීට අමතරව මෙම සැකකරුවන් විසින් ජාඇල ප්‍රදේශයේ පිහිටි ඒ.ටී.එම්. යන්ත්‍රයක්‌ද බිඳ මුදල් සොරාගෙන ඇති බව පොලිස්‌ විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.