Gossips

ATM මුදල් වංචා ජාවාරමේ සැකකරුවන් හෙළිකර ගැනීමට පොලිසිය මහජන සහය පතනයි

මෙරට රාජ්‍ය සහ පෞද්ගලික බැංකුවල ATM යන්ත්‍ර හරහා සිදුකරනු ලබන මුදල් වංචා කිරීමේ ජාවාරම පිළිබඳ මින් පෙර අප අණාවරණය කළා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කළේ මේ සම්බන්ධයෙන් මහජන සහය පතන බවයි.
විදේශිකයින් ද ඇතුළත් සංවිධානාත්මක පිරිසක් විසින් සිදුකරන බවට වාර්තාවන මෙම මුදල් වංචා කිරීමේ ජාවාරම පියවර කිහිපයක් ඔස්සේ ඉතා සැලසුම් සහගතව සිදු කරන බව අනාවරණය වී තිබෙනවා.
ඒ පිලිබදව මේ දිනවල වීඩියෝවක් අන්තර්ජාලයේ හුවමාරුවෙමින් පවතිනවා.
මෙහිදී පළමුව ATM යන්ත්‍රයන්හි මුදල් ලබාගන්නා ස්ථානයේ රහසිගත ලෙස බාහිර උපකරණයක් සවිකර ගනුදෙනුකරුවන් විසින් යන්ත්‍රයට ඇතුළත් කරනු ලබන ATM කාඩ්පත් වල දත්ත සොරා ගනු ලබන අතරල ATM යන්ත්‍ර අසල කුඩා කැමරාවක් යොදා ගනුදෙනුකරුවන්ගේ රහස්ය්‍ය අංක ද පටිගත කරගනු ලබනවා.
පසුව අදාළ දත්ත උපයෝගී කරගෙන නිර්මාණය කරනු ලබන ව්‍යාජ ATM කාඩ් පත් හරහා මුදල් ලබා ගැනීම සිදු කරන බවයි පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ.
මෙවැනි සිදුවීම් කිහිපයක් පිළිබඳ පසුගිය සති අන්තයේ ප්‍රදේශ කිහිපයක බැංකුවලින් පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර, ඒ හා සම්බන්ධ සී.සී.ටී.වී ඔස්සේ ලබාගත් ඡයාරූප පෙළක්ද අප වෙත ලැබී තිබෙනවා.
පොලීසිය සදහන් කළේ මෙම සැකකරු පිළිබදව තොරතුරු දන්නේ නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ 0112 422 176 හෝ 0112 326 670 යන දුරකථන අංකවලට දැනුම්දෙන ලෙසයි.
එසේම සැකකරුවන් ATM යන්ත්‍ර වෙත පැමිණිමේදි සිය අනන්‍යතාවය හඳුනා ගැනීමට නොහැකි වන පරිදි හිස්වැසුම් සහ අව් කණ්නාඩි පැළද පැමිණ ඇති බව ද හෙළිව තිබෙනවා.