Gossips

A 3ක් රට අරන් ඕස්ට්‍රේලියාවේ ජාන වෛද්‍ය විද්‍යාව හැදෑරු හර්ෂනීට අත්වූ හද කම්පා කරවන ඉරණම

ජිවත් වෙන්න අරගල කරන මිනිස්සු පුංච් පුංච් දේ නිසා කලකිරෙනවා.
ජිවිතේ නැති කරගන්න උත්සහ කරනවා. නමුත් අසරණ වුනු තවත් අය ජිවිතේ ගැටගහගන්න අරගලයක යෙදෙනවා.
මේ කියන්න යන්නේ වර්ෂ ගණනාවක් තිස්සේ එකතැන් වුනු යුවතියකගේ සංවේදී කතාවක් ගැනයි.
නමින් හර්ෂනී කුමාරි වූ ඇය නුගේගොඩ අනුලා විද්‍යාලයෙන් අධ්‍යාපනය හදාරා උසස් පෙළ A සාමාර්ථ 3 ක් සමඟින් සමත්වනවා.
ඉස්සර ඉඳන් ඇයට තිබුන ලොකුම හීනයක් ජාන තාක්ෂණ විද්වතෙක් වෙන එක.
ඇයගේ පියා පොලිස් නිලධාරියෙක් වන අතර මව මැහුම් පාඨමාලා පිලිබඳ ගුරුවරියක්.
සාමාන්‍ය පවුලක් වුවත් ජාන තාක්ෂණය ඉගෙනගන්න අසාව නිසාම ඇය අමාරුවෙන් ඔස්ට්‍රේලියාවට යනවා.
එහිදී මේසය මත තිබූ පෑණ අරන් සටහනක් ලියන්න හදද්දී හර්ෂනිගේ අතින් පෑන එක පාරට බිම වැටිලා තියෙනවා.
එතරම් හිතන්නේ නැතුව ආයේ පෑන අතට ගත්තත් දෙපාරක් තුන්පාරක් උත්සාහ කරලා තමයි ලියන්න හදලා තියෙන්නේ.
ඉතින් හර්ෂනී අම්මලා තාත්තලට කියලා තියෙනවා මෙහෙම පෑන අහු වෙන්නේ නෑ අතට කියලා.එහෙන් දොස්තර වරුන්ට කියලා බෙහෙත් ගත්තත් අඩුවක් වෙලා නෑ .
මේ හේතුවේ 2004 වසරේ දවසක හර්ෂනී යළි ගෙදර ඒනවා.
එතකොට හර්ෂනීට ඇවිදින්න ටිකක් අමාරු වූ අතර ඇය ගමන්කළේ තනි කකුලෙන්.
ලංකාවට ඇවිල්ලා සති දෙකක් ඇතුලත හර්ෂනී සියල්ලන්ගේම හදවත් කම්පා කරවමින් ඇඳට වැටෙනවා.
ඇයට දැන් කතා කරගන්න බෑ. ඇඟේ කිසිම අවයවයක් පණ නෑ.
මව්පියන්ගේ හැමදේම විකුණලා බෙහෙත් කලත් ඇයට කිසිම සුවයක්ගන්න බැරි වෙනවා.
2004 ඉඳන්ම ගෙදරටම වෙලා හර්ෂනීගේ අම්මයි තාත්තයි පුදුම අමාරුවකින් මේ දරුවාගේ බෙහෙත් අවශ්‍ය දේවල් ගන්නේ.
අදට මේ සිද්ධිය වෙලා අවුරුදු 14ක්මේ ගතවෙන අතර මහත් පරිශ්‍රමයකින් ඔවුන් තමන්ගේ දුව රැක බලාගත්තේ.
එත් දැන් ඔවුන්ටත් ගොඩාක් වයසයි.
මාසෙකට දියණියගේ ඖෂධ වෙනුවෙන් ලක්ෂ එක හමාරකට වැඩි මුදලක් වැයවන බවයි එම තරුණියගේ පියා පවසන්නේ.
මේ වෙද්දී මේ පවුලට කිසිම දෙයක් කර ගන්න බැරුව අසරනවයි ඉන්නේ.