Gossips

A 09 මාර්ගයේ සිදුවූ වෑන් රථ අනතුරකින් දෙදෙනෙකු මරුට (ඡායාරූප)

යාපනය A 09 මාර්ගයේ පලෙයි ඉයක්කච්චි ප්‍රදේශයේ දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මියගොස් 6 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
අද අලුයම යාපනය දෙසට ධාවනය වූ වෑන් රථයක්, නවතා තිබු ලොරි රථයක පිටුපස ගැටීමෙන් මේ අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
මෙලෙස අනතුරින් මියගොස් ඇත්තේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි වෑන් රථයේ රියදුරු සහ 41 හැවිරිදි කාන්තාවක්.
වෑන් රථයේ සිටි සෙසු තුවාලකරුවන් පලෙයි , කිලිනොච්චිය හා යාපනය රෝහල් වෙත ඇතුලත් කර තිබෙනවා.
අනතුර සම්බන්ධයෙන් පලෙයි පොලසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

(ඡායාරූප – රොමේෂ් මදුශංක)