Gossips

හිරුට විස්සයි තෑගි වැස්සයි ට්‍රක් රථ තිලිණ කිරීම අදින් ඇරඹේ

ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරුගේ 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ 350 කට අධික වටිනාකමකින් යුත් ට්‍රක් රථ තිලිණ කිරීම අදින් ඇරඹෙනවා.
ඒ අනුව අද (06) පෙරවරු අටත්, නවයත් අතර පැයේදී පළමු ජයග්‍රාහකයා තෝරා ගන්නට අප සූදානම්.
හිරුගේ විසිවන සංවත්සරයට සමගාමීව ඇරඹි මෙම දැවැන්ත ප්‍රවර්ධන වැඩසටහනේදී එකක් රුපියල් ලක්ෂ දාහතහමාරක් වන, මහේන්ද්‍රා සුප්රෝ ට්‍රක් රථ හිරු අසන්නන් වෙනුවෙන් සතිපතා තෑගි කෙරෙනවා.
ඒ සඳහා වාසනාවන්ත වේලාවන් හිරු අසන අතරතුර අප ප්‍රකාශයට පත් කරන අතර, එම වේලාවන් හිරුට එස්.එම්.එස්. කිරීමෙන්, සැමට මෙම වටිනා අවස්ථාව උදාකරගත හැකියි.
එසේ එස්.එම්.එස්. යොමුකළ පිරිස අතරින් පළමු ට්‍රක් රථය හිමිවන, මේ සතියේ වාසනාවන්තයා අද පෙරවරු අටත්, නවයත් අතර පැයේදී තෝරා ගැනෙනවා.
හිරුට සවන් දී ජයග්‍රාහකයාගේ නම ප්‍රකාශයට පත්කළ සැණින්, ඔහු හෝ ඇය අප වෙත දුරකතන ඇමතුමක් ලබාදිය යුතුයි.
හිරු අසා එලෙස දුරකතන ඇමතුම ලබාදෙන ජයග්‍රාහකයාට සතිපතා මෙම වටිනා ට්‍රක් රථය තිලිණ කරන්නට මේ වනවිට සියල්ල සූදානම්.
ශ්‍රී ලාංකේය මාධ්‍ය ඉතිහාසයේ එදා මෙදා තුර දැවැන්තම තෑගි කන්දරාව ලබාදෙමින් හිරු 20 වන සංවත්සරය වෙනුවෙන් හිරුට විස්සයි, තෑගි වැස්සයි වැඩසටහන යටතේ ලක්ෂ ගණනක් වටිනා මෝටර් රථ සහ ට්‍රක් රථ ඔබ වෙත තිළිණ කිරීම ආරම්භ වුණා.
ඒ අනුව හිරු ටී.වී. ප්‍රේක්ෂකයන් වෙනුවෙන් එකක් රුපියල් ලක්ෂ 25 ක් වටිනා අති නවීන සුඛෝපභෝගී මහේන්ද්‍රා රෙවෝ මෝටර් රථ තිලිණ කෙරෙනවා. හිරු ටෙලි පෙරහර බලන සැමට ඊට අවස්ථාව හිමිවීම විශේෂත්වයක්.
එසේම, හිරු එෆ්.එම්. ශ්‍රාවකයන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 350කට අධික වටිනාකමින් යුත් මහේන්ද්‍රා සුප්රෝ ට්‍රක් රථ තිළිණ කරන්නේද ගුවන් විදුලි ඉතිහාසය උඩු යටිකුරු කරමින් හිරුගේ විසිවන සංවත්සරය වෙනුවෙන්.
ශ්‍රී ලාංකීය මාධ්‍ය කලාව තුළ ප්‍රේක්ෂකයන් සහ අසන්නන් වෙනුවෙන් මෙවැනි අති දැවැන්ත තෑගි කන්දරාවක් ලබාදෙන පළමු අවස්ථාව මෙයයි.