Gossips

දැඩි උණුසුමෙන් කැනඩාවේ 33 ක් මරුට

කැනඩාවේ – කුවිබෙක් ප්‍රාන්තයේ දකුණුදිග ප්‍රදේශයේ පැතිරෙන උණුසුම් වා දහරා හේතුවෙන් පුද්ගලයන් 33 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
පසුගිය සිකුරාදා සිට මෙහි උෂ්ණත්වය සෙන්ටිගේ‍්‍රඩ් අංශක 35 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉහළ ආර්ද්‍රතාවක් ද පවතින බව සදහන්.
මරණ සංඛ්‍යාව දිනපතා ඉහළ යන අතර, මියගිය බහුතරයක් වයස අවුරුදු 50 ත් 80ත් අතර අයයි.
වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන්නේ මොන්ටි‍්‍රයෙල් නුවරින්.
මේ නිසා එහි නගරාධිපතිවරයා ජනතාවට පිහිනුම් තටාක සහ වායු සමීකරණය කළ ස්ථාන විවෘත කර ඇති බවයි විදෙස් වාර්තා සදහන් කළේ.