Gossips

පොලිය ගෙවන්න ආදායම ප්‍රමාණවත් නැහැ – දේශීය ආදායම් කොමසාරිස්

පසුගිය කාලයේ මහා පරිමාණයෙන් ලබාගෙන ඇති ණය වෙනුවෙන් මෙම වර්ෂයට නියමිත පොලී ගෙවීම් සඳහා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමස්ත වාර්ෂික ආදායම ප්‍රමාණවත් නොවන බව දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක පවසනවා.
බදු වගකීමක් නොව සමාජ යුතුකමක් යන මැයෙන් ගාල්ලේ ඊයේ පැවති සම්මන්ත්‍රණයකට එක්වෙමින් කොමසාරිස්වරයා මේ බව සඳහන් කළා.
එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මෙම හේතුව නිසා බදු නිදහස් කිරීම අවම කර නව බදු පනත් ක්‍රියාත්මක කිරීමට සිදුව ඇති බවයි.
උත්සවයෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් දේශීය ආදායම් කොමසාරිස් අයිවන් දිසානායක කියා සිටියේ වාහනයක් නඩත්තු කරන මෙන්ම, විදේශ සංචාරවල නියැලෙන සියලූම පුද්ගලයින් සඳහා බදු ලිපිගොනුවක් විවෘත කිරීම අනිවාර්ය බවයි.