Gossips

චන්දිමාල් නායකත්වයට නම් කරයි

අන්තර්ජාතික ක්‍රිකට් සම්මේලනයේ විනය පරීක්ෂණයක් ජුලි 10 වනදා යෙදී තිබුණ ද 12 වනදා සිට ආරම්භ වන දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලිය සදහා ශ්‍රී ලංකා පිලේ නායකත්වයට දිනේෂ් චන්දිමාල් නම් කර තිබෙනවා.
බටහිර ඉන්දීය කොදෙව් චාරිකාවේදී එල්ල වූ පන්දුව පලූදු කිරීමේ චෝදනාව සහ ඊට එරෙහිව දැක්වූ ප්‍රතිචාරය හේතුවෙන් චන්දිමාල්ට තවත් ටෙස්ට් තරග දෙකක තහනමක් පැනවීමේ අවදානමක් පවතිනවා.
එසේ වුවහොත් සුරංග ලක්මාල් දකුණු අප්‍රිකාවට එරෙහි පළමු ටෙස්ට් තරග දෙකේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවනු ඇති.
කොදෙව් සංචාරයේ තුන්වන ටෙස්ට් තරගය ශ්‍රී ලංකා පිල ජයග්‍රහණය කළේ ද සුරංග ලක්මාල්ගේ නායකත්වයෙන්.
රංගන හේරත් සහ කුසල් ජනිත් පෙරේරා ඔවුන්ගේ කායික යෝග්‍යතාව මත පදනම්ව කණ්ඩායමට නම් කර ඇති අතර, වමත් දග පන්දු යවන ක්‍රීඩක ලක්ෂාන් සදකැන් ද ශ්‍රී ලංකා ක්‍රිකට් නම් කළ ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් සංචිතයට ඇතුළත්.
සුරංග ලක්මාල් සමග ලහිරු කුමාර සහ කසුන් රාජිතගෙන් ශ්‍රී ලංකා වේග පන්දු බලඇණිය සමන්විත වනු ඇති.