වල්ලාපට්ටා තොගයක් නීති විරෝධීව ඩුබායි රාජ්ය වෙත රැගෙන යාමට උත්සාහ කළ ශ්රී ලාංකිකයන් 3 දෙනෙකු කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අප ගුවන්තොටුපල වාර්තාකරු සඳහන් කළේ සැකකරුවන් සිය ගමන් මලුවල සඟවා වල්ලාපට්ටා රැගෙන යාමට උත්සාහ කර ඇති බවයි.
අවස්ථා දෙකකදී ඩුබායි වෙත යාමට පැමිණි සැකකරුවන් රැගෙන ආ වල්ලාපට්ටාවල බර කිලෝ 82 ග්රෑම් 550 ක් වන අතර වටිනාකම රුපියල් 7,221,000 ක් බවට ගණන් බලා තිබෙනවා.
අවුරුදු 26 සහ 31 වයස්වල පසුවන සැකකරුවන් මීගමුව ප්රදේශයේ පදිංචි පිරිසක් බවටයි හෙළිවී ඇත්තේ.