අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට රජය තීරණය කර තිබෙනවා.
මුදල් අමාත්‍යාංශය සදහන් කළේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 8 කින් ඉහල යන බවයි.
ඒ අනුව රුපියල් 137 ක්ව පවතින එම වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව මිල වන්නේ රුපියල් 145 ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක් රුපියල් 7 කින් ඉහළ යන අතර එහි නව මිල වන්නේ රුපියල් 155 ක්.
ඩීසල් ලීටරයක් රුපියල් 9 කින් ඉහළ දමා ඇති අතර, එහි නව මිල රුපියල් 118 ක් වනවා.
සුපර් ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් ඉහළ දැමීමත් සමග එහි නව මිල වන්නේ රුපියල් 129 ක්.