Gossips

‘‘චයිනා හාබර්’’ චෝදනාවට උත්තර දෙයි

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රචාරක කටයුතු සදහා මුදල් යෙදවූ බවට පළ වන ජාත්‍යන්තර පුවත්පත් වාර්තා කරුණු විකෘති කිරීමක් බව, චයිනා හාබර් ඉංජිනියරින් සමාගම කියා සිටියා.
චීන තානාපති කාර්යාලයේ අද (05) පැවති මාධ්‍ය හමුවකදී එම සමාගම මේ බව නිවේදනය කළා.
අදාළ මාධ්‍ය හමුව පැවැත්වුණේ චයිනා හාබර් ඉංජිනියරින් සමාගමේ සහ හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමූහ සමාගමේ නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන්.
චයිනා හාබර් ඉංජිනියරින් සමාගම මෙහිදී කියා සිටියේ පළවූ මාධ්‍ය වාර්තා කරුණු විකෘති කිරීමක් සහ වැරදි අදහසක් ජනිත කරවන්නක් බවයි.
එම වාර්තාවල මූලිකම පරමාර්ථය කලාපීය දේශපාලන සහ ආර්ථික කටයුතුවලදී ඇමරිකාව බටහිර ලෝකයේ සාම්ප්‍රදායික ප්‍රබලයා ලෙස ඇති තත්ත්වය තවදුරටත් පවත්වාගෙන යාම බවයි, එහිදී අදහස් දැක්වූ මෙරට චීන තානාපති කාර්යාල ප්‍රකාශක ලූ – ඕ- චොන්ග් පෙන්වා දුන්නේ.