Gossips

ජනාධිපති ලේකම් තනතුරෙන් සමුගනී

ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශයේ ට්විටර් ගිණුමෙහි සදහන් වන්නේ අද ඔහු සිය කාර්යාලයෙන් සමු ගත් බවයි.
නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයා ලෙස කටයුතු කරමින් සිටි ඔහු ජනාධිපති ලේකම්වරයා ලෙස පත් කෙරුණේ හිටපු ජනාධිපති ලේකම් පී.බී.අබේකෝන් ධුරයෙන් සමුගැනීමෙන් අනතුරුවයි.
පසුගිය වසරේ ජූලි 4 වනදා ඔස්ටින් ප්‍රනාන්දු ජනාධිපති ලේකම් තනතුරේ වැඩභාර ගත්තා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු සදහන් කළේ ඊයේ දිනයෙන් තම ධුර කාලය අවසන් වූ බැවින් එහි දිගුවක් තමන් අපේක්ෂා නොකරන බවයි.