Gossips

දකුණු අප්‍රිකාවට එරෙහි ටෙස්ට් තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ

සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට එක්වන ශ්‍රී ලංකා සංචිතය නම්කර තිබෙනවා.
කොදෙව් සංචාරයේදී තරගයක් තහනම් වූ දිනේෂ් චන්දිමාල් මෙම තරගාවලියේදී කණ්ඩායම මෙහෙයවනු ඇති.
ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, කුසල් මෙන්ඩිස්, කුසල් ජනිත් පෙරේරා, ධනුෂ්ක ගුණතිලක, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා සහ නිරෝෂන් දික්වැල්ල සංචිතයට ඇතුලත්.
රංගන හේරත්, උප නායක සුරංග ලක්මාල්, දිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ලහිරු කුමාර, ලක්ෂාන් සඳකැන් සහ කසුන් රාජිත සංචිතයේ සෙසු ක්‍රීඩකයන් වනවා.
අතිරේක ක්‍රීඩකයන් ලෙස අසිත ප්‍රනාන්දු, දසුන් ශානක, මලින්ද පුෂ්පකුමාර සහ ශෙහාන් ජයසූරිය නම්කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ.
ක්‍රීඩා අමාත්‍යවරයාගේ අනුමැතිය ද මෙම සංචිතයට ලැබී තිබෙනවා.
රංගන හේරත් සහ කුසල් ජනිත් පෙරේරා සංචිතයට නම් කළ ද ඔවුන්ගේ ශාරීරික යෝග්‍යතාවන් මත කණ්ඩායමට කැඳවීම තීරණය කෙරෙන බව ක්‍රිකට් ආයතනය ප්‍රකාශ කළා.
සංචාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර පළමු ටෙස්ට් තරගය ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ලබන 12 වනදා ආරම්භ වනු ඇති.
දෙරට අතර ටෙස්ට් තරග 2 ක්, එක්දින තරග 5 ක් සහ 20 යි 20 තරගයක් පැවැත්වීමට නියමිතයි.