Gossips

කිරිවෙහෙර නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියේ CCTV එළියට

කතරගම කිරිවෙහෙර විහාරාධිපති පුජ්‍ය කොබවක ධම්මින්ද නාහිමියන්ට වෙඩි තැබීමේ සිද්ධියට අදාළCCTV දර්ශණ නිකුත් වී තිබෙනවා.
පසුගිය ජුනි මස 12 වනදා රාත්‍රියේදීයි කොබවක ධම්මින්ද නාමියන්ට වෙඩි තැබීම සිදුකර තිබුනේ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබු කොබවක ධම්මින්ද නාහිමියන් තවමත් කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබනවා.
මේ අතර සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් 7 දෙනා ලබන 18 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුනා.
ඒ ඔවුන් තිස්සමහාරාම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.