Gossips

අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට (ඡායාරූප)

කොල්ලකෑම් සහ අපරාධ රැසකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු හංවැල්ල සහ කළුතර ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් අපරාධ රැසකට සම්බන්ධ බවයි මුලික පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 19 ත් 25 ත් අතර වයසේ පසුවන පුද්ගලයින් බවයි පොලිසිය කියා සිටියේ.
සැකකරුවන් සතුව තිබී මෙරට නිෂ්පාදිත රිවෝල්වරයක්,උණ්ඩ 5 ක්, කඩුවක්, හිස්වැසුම් දෙකක් සහ සොරකම් කරන ලද යතුරුපැදි දෙකක් ද පොලිසිය විසින් සොයා ගෙන තිබෙනවා.
පසුගියදා අතුරුගිරිය ප්‍රදේශයේදී අවස්ථා දෙකකදී අවි පෙන්වා බිය ගන්වා යතුරුපැදි දෙකක් කොල්ලකෑම, අතුරුගිරියේදී අවි පෙන්වා බිය ගන්වා රුපියල් 2,579,865 ක් කොල්ලකෑම සහ අතුරුගිරියේදීම අවි පෙන්වා බිය ගන්වා යතුරුපැදියක ගමන් ගත් දෙදෙනෙකුගේ ආරක්ෂිත හිස්වැසුම් කොල්ලකෑමට මෙම පුද්ගලයන් සම්බන්ධ බවට හෙළිවී තිබෙනවා.
සැකකරුවන් සංවිධානාත්මක අපරාධකරුවෙකු වන දැනට බන්ධනාගාර ගතව සිටින දැඩිගමුව චමින්ද යන අයගේ ප්‍රධාන ගෝලයන් බවටයි විමර්ශණයේදී හෙළිවී ඇත්තේ.
මෙම පුද්ගලයන් අද හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.