Gossips

විජයකලාගේ ප්‍රකාශයට තවදුරටත් විරෝධතා (ඡායාරූප)

එල් ටී ටී ඊ සංවිධානය යළි ගොඩනැගීම සම්බන්ධයෙන් විජයකලා මහේෂ්වරන් කළ ප්‍රකාශයට එරෙහිව තලවකැලේ ළිඳුල නගර සභාවේ සභාපතිවරයා අද කළු පටි පැළඳ මාසික සභා රැස්වීමට පැමිණ තිබුනා.
අප වාර්තාකරු සඳහන් කළේ සභාපති අශෝක සේපාල කළු පටි පැළඳ මාසික සභා රැස්වීම පැවැත්වූ බවයි.
නගර සභාව නියෝජනය කරන මන්ත්‍රී ඉෂාර මංචනායක සහ එම් පරමනාදන් යන දෙදෙනා පමණක් සභාපතිවරයාට සහය දක්වමින් කළු පටි පැළඳ සිටි අතර සෙසු මන්ත්‍රීවරුන් විරෝධය දැක්වීමෙන් වැළකී සිටි බව සඳහන්.
මේ අතර විජේකලා මහේෂ්වරන්ට විරෝධය දැක්වීම සඳහා නිහඬ විරෝධතාවක් අද අම්පාර මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී පැවැත්වුනා.
පසුගිය පෙබරවාරි 27 වනදා අම්පාර නගරයේ වෙළඳසැල් දෙකකට සහ ආගමික ස්ථානයකට පහරදීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් නිදහස් නොකිරීමට විරෝධය දැක්වීම ද ඔවුන්ගේ තවත් අරමුණක්.
පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානායක සහ අම්පාර දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතන නියෝජිතයන් පිරිසක් මෙම නිහඩ විරෝධතාවට එක්ව සිටි බව අප වාර්තාකරුවන් කියාසිටියා.



ඡායාරූප – අම්පාර වසන්ත චන්ද්‍රපාල / හැටන් රංජිත් රාජපක්ෂ