Gossips

යාපනයේ සිද්ධීන්වලට සම්බන්ධ දෙදෙනෙකු දැලේ

යාපනය කොට්ඨාශය තුල ගැටුම් ඇති කිරීමේ සිද්ධීන්වලට සම්බන්ධ පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. යාපනය ප්‍රදේශයේ ඊයේ මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බවයි උතුර පළාත භාර ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
පසුගිය දින කිහිපය තුළ ඇති වූ සිද්ධීන් සැලකිල්ලට ගෙන යාපනය කොට්ඨාශය වෙත අමතර පොලිස් නිලධාරීන් සියයකට ආසන්න සංඛ්‍යාවක් කැදවා තිබෙනවා.
එමෙන්ම යාපනය කොට්ඨාශයේ සියලූම පොලිස් නිලධාරින්ගේ නිවාඩු ඊයේ සිට අවලංගු කරනු ලැබුවා.