Gossips

රාජ්‍ය ඇමතිනී විජයකලා අගමැති හමුවේ

රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් ඊයේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මුණගැසුණා.
කෙසේ වෙතත් එහිදී සිදුවූ සාකච්ඡා පිළිබඳව මෙතෙක් තොරතුරක් වාර්තාවන්නේ නැහැ.
රාජ්‍ය අමාත්‍යවරිය මාධ්‍ය මගහරිමින් වෙනත් මාර්ගයකින් අරලියගහ මන්දිරයෙන් පිටත්ව ගිය බවයි එහි සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ.
එල්.ටී.ටී.ඊ. ය යළි ගොඩනැගිය යුතු බවට පසුගියදා රාජ්‍ය ඇමතිවරිය ප්‍රකාශ කිරීමත් සමඟ රට තුළ ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගත්තා.
මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුව හමුවේ විශේෂ ප්‍රකාශයක් සිදුකරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ රටේ ඒකීය භාවය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් ආණ්ඩුවේ ස්ථාවරයේ වෙනසක් නොමැති බවයි.
එමෙන්ම විජයකලා මහේෂ්වරන් රාජ්‍ය අමාත්‍යවරිය කැඳවා ඒ පිළිබඳව කරුණු විමසන බවත් ඇය සම්බන්ධයෙන් ගත යුතු ක්‍රියාමාර්ග පක්ෂය විසින් තීරණය කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී සඳහන් කළා.