Gossips

චමල්, මහින්ද, බැසිල් සහ ගෝඨාභය නෙළුම් මාවතේ

පක්ෂ විනයට පෙර රටේ නීතිය සුරක්ෂිත කළ යුතු බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරුන් පිරිසක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමේ අවස්ථාවට නෙලූම් මාවත පක්ෂ මූලස්ථානයේදී අද එක්වෙමින් ඔහු මේ බව කියා සිටියා.
මෙහිදී එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 135 දෙනෙකු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගත්තා.
අද පැවති උත්සවය සදහා සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී චමල් රාජපක්ෂ, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මෙන්ම හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂද එක්ව සිටීම විශේෂත්වයක්.