Gossips

තලාව බැංකු සොරකමේ වටිනාකම කෝ 16 ඉක්මවන බවට තක්සේරුවක්

අනුරාධපුර – තලාවේ රාජ්‍ය බැංකුවකින් සොරකම් කළ මුදල් හා රන් ආභරණවල මුළු වටිනාකම රුපියල් දහසය කෝටි විසිපන් ලක්ෂ හැත්තෑ හයදහසක් බවට ගණනය කර තිබෙනවා.
ඒ පිළිබඳව බැංකු නිලධාරීන් විසින් පොලීසියට දැනුම්දී ඇති බවයි වාර්තාවන්නේ.
සිද්ධියට අදාළව මෙතෙක් කිසිවෙකුත් අත්අඩංගුවට ගෙන නැහැ.
කෙසේ වෙතත් පොලිස් කණ්ඩායම් 8 ක් ඊට අදාළ විමර්ශනය සඳහා යොදවා තිබෙනවා.