Gossips

මැදිරිගිරියේ නිවසකින් යුද ඇදුම් ඇතුළු ආයුධ හමුවේ

මැදිරිගිරිය – යාය 3 ප්‍රදේශයේ නිවසක් පිටුපස දර මඩුවක සඟවා තිබියදී යුද හමුදාවට අයත් ඇඳුම් කට්ටලයක් ඇතුළු අවි ආයුධ තොගයක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.
පොලිසිය සඳහන් කළේ මෙලෙස සඟවා තිබූ ආයුධ අතර ටී – 56 ගිනි අවි සඳහා යොදන මැගසින් 5 ක් සහ පුද්ගල නාශක බෝම්බ 2 ක් ද වන බවයි.
අදාළ නිවසේ වයෝවෘද්ධ කාන්තාවක් සිට ඇති අතර, ඇගේ පුතුන් දෙදෙනෙකු යුද හමුදාවේ සේවයේ නියුතු අය බවට මූලික පරීක්ෂණවලදී අනාවරණ වී තිබෙනවා.
ඇගේ තවත් පුතෙකු යුද හමුදාවේ සේවය කර මේ වනවිට ඉන් නිත්‍යානුකූලව ඉවත්වී ඇති බවයි අනාවරණ වී ඇත්තේ.