Gossips

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභයට එරෙහි නඩු විභාගයක් වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක්

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුලූ 8 දෙනෙකුට එරෙහිව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන ඇවන්ගාඩ් නඩුව විභාගයට ගැනීම වළක්වාලමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කළා.
ඇවන්ගාඩ් සමාගමට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට අවසර ලබාදීම හේතුවෙන් රජයට රුපියල් කෝටි 1140 ක පාඩුවක් කළේ යැයි චෝදනා කරමින් එය පවරා ඇත්තේ අල්ලස් කොමිසමයි.
මෙම නඩුවෙන් නිදහස් කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අභියාචනාධිකරණය හමුවේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළ අතර, එය සළකා බලමිනුයි අභියාචනාධිකරණ මෙම නියෝගය නිකුත් කර ඇත්තේ.