Gossips

දෙයියන්දර අනතුරකින් සිසුන් දෙදෙනෙකු මරුට (ඡායාරූප)

දෙයියන්දර – හක්මන මාර්ගයේ – පිටවල්ගමුව ප්‍රදේශයේ අද (04) උදෑසන සිදු වූ රිය අනතුරකින් පාසල් සිසුන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා.
දෙයියන්දර සිට හක්මන දෙසට ධාවනය කරමින් තිබූ ලංගම බස් රථයක ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
ජීවිතක්ෂයට පත්වුණේ යතුරුපැදියේ ගමන් ගත් දෙනගම – කළුවලාකැටිය ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සහ 16 හැවිරිදි පාසල් සිසුන් දෙදෙනෙක්.
රියදුරු බලපත්‍රයක් නොමැතිව යතුරුපැදිය ධාවනය කර ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇති අතර, මියගිය සිසුන් දෙදෙනා අනතුරට ලක්වන අවස්ථාවේදී හිස් වැසුම් පැළඳ නොසිටි බවටයි වාර්තා වන්නේ.
ඔවුන්ගේ මෘත ශරීර මේ වනවිට නරවැල්පිට ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර තිබෙනවා.

(ඡායාරූප – කැලුම් බෝධිනායක )