Gossips

නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 135 ක් පොදුජන පෙරමුණට

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පළාත් සභා මන්ත්‍රීවරුන් 135 දෙනෙකු අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගනු ලැබුවා.
ඒ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් එම පක්ෂ මූලස්ථානයේ පැවති උත්සවයේදීයි.
පළාත් සභා නවය නියෝජනය කරන මන්ත්‍රීවරුන් මෙම 135 දෙනෙකු මීට ඇතුළත්.
අද පැවති උත්සවය සඳහා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ද පැමිණ සිටි අතර, ඔහු පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයට පැමිණි පළමු අවස්ථාව මෙය වනවා.