Gossips

මලයාසියානු හිටපු අගමැතිට චෝදනා 4 ක්

දූෂණ චෝදනා මත අත්අඩංගුවට ගත් මලයාසියාවේ හිටපු අගමැති නජීබ් රසාක්ට කරුණු 4ක් යටතේ චෝදනා ගොනුකර තිබෙනවා.
මලයාසියානු සංවර්ධන අරමුදලෙන් ඇමරිකානු ඩොලර් මිලියන 700 ක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගත් අතර, බලය අයුතු ලෙස භාවිතා කිරීම සහ සාපරාධි විශ්වාසය කඩ කිරීම ද ඔහු එල්ල වී ඇති චෝදනා අතරට අයත්.
මෙම චෝදනා තහවුරු වුවහොත් මලයාසියානු හිටපු අග්‍රාමාත්‍යවරයාට වසර 20 ක සිරදඩුවමක් නියම කිරීමට හැකියාව පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.