Gossips

මදනමෝදක පැකට් 1700ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට (ඡායාරූප)

මාරවිල නගරයේ ව්‍යාපාරික ස්ථානයක අලෙවි කිරීම සඳහා ගබඩා කර තිබූ ගංජා මිශ්‍ර මදනමෝදක පැකට් 1700ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිස් බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (03) මෙම වැටලීම සිදුකළ බවයි මාරවිල පොලීසිය සඳහන් කළේ.
ප්‍රදේශයේ තරුණයින් සහ පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින් මෙම ජාවාරම කලක පටන් සිදුකරගෙන ගොස් තිබෙනවා.

ඡායාරූප – පුත්තලම, ජූඩ් සමන්ත